ඇඳිරි නිතිය පැවැති අවස්ථාවේදි වෑන් රථයකින් ගමන් ගත් 10ක් අත්අඩංගුවට
පොලිස් ඇඳිරි නිතිය පනවා තිබූ අවස්ථාවේදි සුඛෝපභෝගී වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී හොරණ වෑවල ප්‍රදේශයේදි අත්අඩංගුවට පත් පුද්ගලයන් දස දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 6 දක්වා බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.
මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ මොහොමඩ් සාහින්, මොහොමට් ෆසාල්, මොහොමඩ් රිම්සාන්, මොහොමඩ් ෆසාන්, මොහොමඩ් ෆර්සාන්, මොහොමඩ් ෆස්ලි, මොහොමඩ් ෆසාර්, මොහොම් අජාබ්ඩීන්, මොහොමඩ් රියාස් හා මොහොමඩ් නස්ලි යන අය වෙති.
මෙම සැකකරුවන් පිරිස අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුද වෙයි. මෙම පිරිස හොරණ නගරයේ සිටි අඟුරුවාතොට මර්ගයේ වෑන් රථයකින් පැමිණෙමින් සිටින විට අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට පත් පුද්ගලයන් අතර විදේශගතව ිට මෑතකදි ශ්‍රී ලංකාවට පැමිණි 8 දෙනෙකුද වෙති.
ඔවුහු ඉකුත් 18 වැනිදා මාතලේ ප්‍රදේශයේ ගත කර ඇති බවට පරීක්ෂණවලදී අණාවරණය වී තිබේ.
බිමල් ශ්‍යාමන්
popular news
-
Champa Tuesday, 23 April 2019 05:06 PM
අනිවාර්යයයෙන්ම දඬුවම් දෙන්න ඕනේ. නම් ටික දාපු එක හොඳයි. රටේ නීතියට ගරු නොකරන එවුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ.
Reply : 0 0
Sam Tuesday, 23 April 2019 05:36 PM
ISIS පුහුණුව ලැබූ අය වියහැක
Reply : 0 0
Don Tuesday, 23 April 2019 05:57 PM
එයාල ඔක්කොම ආරක්ෂක ලේකම්ගෙන් අවසර ගන්න ඇති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

