ඇතැම් අංශ වෙත රසායනික පොහොර ගෙන්වීමට අවසර
රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට රට යොමු වෙමින් තිබෙන බවත් කෙසේ වෙතත් කළමණාකරණ තීරණ ගන්නා පරිසරය විශ්ලේෂණය කිරීමට සිදු වන බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ගුණපාල රත්නසේකර මහතා පැවසීය.
ඒ අනුව ඇතැම් අංශ සදහා ක්ෂණිකව කාබනික පොහොර භාවිතයට යොමු විය නොහැකි බවත් ඒ අනුව එම අංශ සදහා රසායනික පොහොර ආනයනය කිරීමට යම්කිසි නිදහසක් ලබා දී තිබෙන බවත් අද (03දා) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
නිසි ආර්ථිකයක් තුල ආණ්ඩුව ගනු ලබන තීරණ සරල රේඛාවක් ලෙස ක්රියාත්මක කිරීමට නොහැකි බවත් ඒ අනුව පාරසරික වෙනස්කම් වන විට ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් තීරණ වෙනස් කිරීමට සිදු වන බවත් සඳහන් කළ ගුණපාල රත්නසේකර මන්ත්රීවරයා,
“අපි ආණ්ඩුවක් ලෙස යහපත් චේතනාවෙන් සමස්ථ ජනතාව විනාශ වෙන්න යන එක බලාගෙන අපි රසායනික පොහොර ගෙන එන එක නවත්වලා කාබනික කෘෂිකර්මයට හැරෙමු කියන යෝජනාව ජනාධිපතිවරයා ගෙනත් හොදින් ක්රියාත්මක වෙමින් යනවා. ඒ අතර අපිට පේනවා යම් යම් අංශ තිබෙනවා ක්ෂණිකව අපිට කාබනික පැත්තට හැරෙන්න බැරිවෙයි. ඒ නිසා යම්කිසි අංශ වලට යම්කිසි නිදහසක් ලබා දීලා තිබෙනවා යම් ෙපාහොර ප්රමාණයක් ආනයනය කිරීමේ හැකියාවක් තිබෙනවාද කියලා බලන්න. අද මේක විවේචනයට ලක්වෙනවා. මේක ජනාධිපතිවරයා කිසිසේත් මේක කරන්නේ නෑ කිව්වට මෙහෙම ඇතැම් අංශ වලට නිදහස් කරලා තිබෙනවා කියලා කියනවා. නිසි ආර්ථිකයක් තුල අපි ගත්ත තීරණ සරල රේඛාවක යන්න බෑ.
පරිසරය වෙනස් වෙනවා. ඔ්නෑම කළමණාකරණ තීරණයක් ගන්නා විට අපි මුහුණ දීලා තිබෙන පරිසරය විශ්ලේෂණය කරන්න වෙනවා. ඒ නිසා පාරසරික වෙනස්කම් වන විට අපි ගත් ඇතැම් තීරණ වෙනස් කරන්න වෙනවා. මේක කළමණාකරණයේ මූලික අංගයක්. ඒ නිසා රසායනික පොහොර ගේන්නේ නෑ. කාබනික පොහොර නිෂ්පාදන ක්රියාවලිය සාර්ථකව ක්රියාත්මක වෙනවා. මේ වන විට විශාල පිරිසක් ලියාපදිංචි වෙලා කාබනික කෘෂිකර්මය පැත්තට හැරෙමින් තිබෙනවා. නමුත් ගැටලු ප්රශ්න තියෙයි.” යනුවෙන්ද සදහන් කළේය.
popular news
-
Alexander senaratne Tuesday, 03 August 2021 06:34 PM
Since 1977 farmers fed customers chemical foods now Government along with farmers and multi national companies feed customers chemical foods. We failed and you all failed
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

