ඇත්තටම ජීවත් වෙන්න අමාරුයි
මේ වන විට ජනතාවට ජීවත් වීමට අපහසුතාවක් පැනනැගී තිබුණද, වර්තමාන භාණ්ඩ මිල පසුගිය ආණ්ඩුව පැවැති කාලයේ තිබූ මිලට වඩා අඩු බව දක්ෂිණ සංවර්ධන, තරුණ කටයුතු හා ව්‍යවසාය කළමනාකරණ අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ දෙණියාය ප්‍රදේශයේදී පැවැති වැඩසටහනකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේ දවස්වල ආර්ථිකය හැමෝටම අමාරුයි. නමුත් බඩු මිල වැඩිවෙලා නැහැ. පසුගිය ආණ්ඩුව කාලයේ තිබුණු මිලට වඩා බඩු මිල තවම අඩුයි. නමුත් ඇත්තටම ජීවත් වෙන්න අමාරුයි. අතේ ඉතුරු වන මුදල අඩුවෙලා තියෙනවා.
ඒකට හේතුව තමයි නිවසට අවශ්‍ය විදුලි උපකරණ හෝ රථවාහන අරගෙන ඒවාට මාසේ වාරිකය ගෙව්වම අතේ මුදල් ඉතුරු නොවීමයි. ඒකයි හැමෝටම වෙලා තියෙන්නේ” යැයි පවසා සිටියේය.
ජිනේෂ් නානායක්කාර

popular news
-
කෝලිත Tuesday, 09 October 2018 10:51 PM
ඇත්ත නේන්නමි පඩියට වැඩිවෙචිච 10,000.00 එකතුකරල ලීසින් එකක් දාල බයිසිකලේ තෙමි ාතමි ගිය එවුන් කුලියපිටියෙන් වොක්ස් වැගන් අරන්....
Reply : 0 0
Sam Wednesday, 10 October 2018 05:28 AM
ඔබ තුමාට නමි එහෙම නැති පාටයි , තීරුබදු රහිත වාහනද , කෑම බීමද ආණ්ඩු වෙන් සපයනවා නේ ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

