ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන තිබේ.
රටේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සියයට 52කට වඩා දායක වන සහ සමස්ත රැකියා නියුක්තියෙන් සියයට 45ක් සපයන මෙම අංශය, මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අපහසුතා, ඩිජිටල් තාක්ෂණය භාවිතයේ පවතින අඩුපාඩු මෙන්ම ආර්ථික හා දේශගුණික කම්පන හේතුවෙන් දැඩි අභියෝග රැසකට මුහුණ දී සිටී. ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ මෙම ණය මුදල මඟින් එම බාධාවන් අවම කර වඩාත් ශක්තිමත් ව්‍යාපාරික වටපිටාවක් නිර්මාණය කිරීම අපේක්ෂා කරන බවයි.
මෙම අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලින් ඩොලර් මිලියන 100 ක් ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සඳහාත් තවත් ඩොලර් මිලියන 100ක් ආයෝජන ණය පහසුකම් සඳහා ඩොලර් මිලියන 100ක් ක් වෙන් කර තිබේ. මෙයින් ඩොලර් මිලියන 40ක්ම වෙන් කර ඇත්තේ පරිසර හිතකාමී ආයෝජන සඳහා ලබාදෙන “හරිත ණය පහසුකම්” වෙනුවෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
