ආසාදිතයින් හමුවු ප්‍රදේශ
කොවිඩ් ආසාදිතයින් 3,410ක් ඊයේ (04) දිනය තුළ හඳුනාගෙන තිබේ.
ඉන් 12 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින්ය.
ගතවූ දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 602කි.
කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වී තිබුණේ පිළියන්දල, දෙහිවල, මොරටුව, පාදුක්ක, දෙමටගොඩ යන ප්‍රදේශවලිනි.
දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්ත වූ අතර එම සංඛ්‍යාව 538 කි.
පානදුර දකුණ, පානදුර උතුර, කහතුඩුව, අගලවත්ත යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී ඇත.
තෙවැනියට වැඩිම ආසාදිතයින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 302කි.
එම දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පොල්ගහවෙල,පොල්පිතිගම, රිදීගම, ගල්ගමුව යන ප්‍රදේශවලින් වාර්තා විය.
මහනුවර 276ක්, රත්නපුර 268ක්, නුවරඑළිය 237ක්, ගාල්ල 153ක්, ගම්පහ 151ක්, මඩකලපුව 104ක් වශයෙන් ද ආසාදිතයින් වාර්තා වී අත.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 199,254ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් ආසාදිතයින්ගෙන් 164,281 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 33,317 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

