ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 455ක ණයක්
ශ්‍රී ලංකාවේ ප්රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවේ එකඟ වී තිබේ.
පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (17දා) පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අතර, එහිදී එහි සභාපති තකෙහිකෝ නාකා මහතා සමග පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළ කෙරිණි.
මෙයින් ඇමරිකන් ඩොලර් මිලියන 300ක ණය ආධාරයක් ශ්‍රී ලංකාවට සැපයීමට එකඟතාවය පළ වී ඇත්තේ කොළඹ වරායට පිවිසීම සඳහා කුලූනු සහිත මහාමාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහායි.
එමෙන්ම විද්‍යා තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 145ක මුදලක් ලබාදීමට එකඟතාවය පළ කෙරිණි. නගර සංවර්ධන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක්‍රමයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් ලබාදීමට ද එකඟතාවය පළ වී තිබේ.
මෙම එකඟතාවයන්ට අදාළ ගිවිසුම්වලට ජනාධිපතිවරයා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා මහතා අතර අත්සන් තැබීම ද මෙහිදී සිදු විය.
popular news
-
Champa Friday, 18 January 2019 02:47 PM
අනේ මං දන්නේ නැහැ, මොන මඟුල් ගෙදරකට මේච්චර ණය ගන්නවද කියල? කොළොඹ වරයාට යන්න කුළුණු සහිත පාරක් හදන්න ඩොලර් මිලියන 300ක ණයක්? ඇයි යකුනේ දැන් (තොපිම) කිව්වා නේද, කොළොඹ වරාය ඉතිහාසගත ලාභයක් ලැබුවා කියලා මේ මුළු අවුරුදු 4ම. ඉතින් ඔය පාර හදන්න වාරයේ සල්ලි වලින් පුළුවන් වෙන්න එපෑය. ණය ගන්නේ මොකොටද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

