ආසියානු වොලිබෝල් තරගාවලියේදී ලංකාවට තෙවැනි තැන
- 21 09 2018
- 21:40
- {{hitsCtrl.values.hits}} views
- ඕෂිත වරකාපිටිය
ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (21දා) පැවති අවසන් තරඟයෙන් ශ්රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමිවිය.
ශ්රී ලංකා ක්රීඩකයන් තරගය ආරම්භයේ සිටම පිටිය පුරා සිය අනසක පැතිරවූ අතර බංග්ලාදේශ ක්රීඩකයන් පහසුවෙන් අභිභවා යාමට සමත්වවිය.
බංග්ලාදේශ ක්රීඩකයින්ට දැඩි ප්රහාර එල්ල කළ ශ්රී ලංකා ක්රීඩකයන් ඔවුන්ට වට 3 දීම ලකුණු 17 සීමා ඉක්මවා යාමට අවස්ථාවක් ලබාදුන්නේ නැත.
ශ්රී ලංකා සහ බංගලිදේශය අතර පැවැති තරගයේදී 25 - 16, 25-17, 25 - 17 වශයෙන් ලකුණු ලබාගත් ශ්රී ලංකාව තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්විය.
ඡායාරූප- ඒෂාන් ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
