ආසියානු කරාතේ ශූරතාවලියක කුසලානය ලංකාවට
ලෝක එක්සත් කරාටේ අධිකාරිය සංවිධානය කළ 2019 "කොන්ටිනෙන්ටල් " ආසියානු ශූරතා කරාතේ තරගාවලියේ දී , එයට සහභාගී වූ ශ්රී ලංකා කණ්ඩායම එහි ශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබේ.
මෙම ශූරතාවලිය 18දා සිට 20 දා දක්වා ආසියානු රටවල් 17 ක ක්රීඩක ක්රීඩිකාවන් 2000 කගේ පමණ සහභාගීත්වයෙන් ඉන්දියාවේ කල්කටා නුවරදී පැවැත්විණ.තරගාවලියේ දී ශ්රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 05 ක , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි.
මෙම තරගාවලියට සමගාමීව ආසියානු කරාතේ අධිකාරියේ ඉදිරි වසර 04 සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම සිදු කළ අතර එහිදී පැවති නිලවරණයෙන් ශ්රී ලංකාව නියෝජනය කළ රෝහණ විජේමාන්න මහතා පළමු ආසියානු උප සභාපති ධුරයට තේරී පත් වී තිබුණි .
තරගාවලියේ දී පදක්කම් සහ සහතික පත්ර දිනූ ක්රීඩක ක්රීඩකයන් පිරිස ඊයේ (21දා) රාත්රියේදී ශ්රි ලංකාවට පැමිණියේය.


popular news
-
Champa Tuesday, 22 January 2019 01:14 PM
හරිම ආඩම්බරයි. පදක්කම් දිනපු සහ සහභාගී වුනු හැමෝටම අපේ සුභ පැතුම් සමග රටට තව තවත් ජයග්රහණ සහ කීර්තිය ගෙනෙන්නට ධෛර්යය ලැබේව කියලා ප්රාර්ථනා කරනවා. පළමු ආසියානු උප සභාපති ධූර ලබපු රොහාන් විජේමන්නටත් අපේ සුභ පැතුම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

