යාපනය මානිප්පායි ප්රදේශයේදී අද (28දා) අලුයම නිවසකට කඩාවැදුණු පිරිසකගේ පහරදීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහලගත කර තිබේ.
මෙම පහරදීමේදී ඩිලක්ස් නමැති ධනුක් කල්ලි සාමාජිකයෙකු සහ ඔහුගේ සෙහොයරිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.
මානිප්පායි ප්රදේශයේ ධනු රොක් කල්ලියේ සිට ඩිලක්ස් නැමත්තාගේ අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටි අයෙකු බවත් එම නිවසට අද අලුයම 5.30ට පමණ යතුරුපැදි තුනකින් 09 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණ තියුණු ආයුධවලින් පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
කලක සිට ධනු රොක් කල්ලිය සහ ආවා කල්ලිය අතර ගැටුමක් පවතින බවත් මෙම පහරදී ආවා කල්ලිය විසින් සිදුකරන්නට ඇති බවත් සැකකරුවන් සොයා මෙහෙයුම් දියත් කර ඇති බවත් මනිප්පායි පොලීසිය සඳහන් කරයි.
