ආර්ථික මධ්‍යස්ථාන සතියේ දින 2ක් විවෘත කිරිමට පියවර
- 13 06 2021
- 14:19
- {{hitsCtrl.values.hits}} views
- ..
සංචරණ සීමා පවතින කාලයේදී ආර්ථික මධ්‍යස්ථාන සතියේ දින 02ක් විවෘත කර තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එහි ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ආර්ථික මධ්‍යස්ථාන කටයුතු පවත්වාගෙන යෑම අනිවාර්ය බවයි.
මේ අතර සියලුම ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘතව පවතී.
ඒ, දෙවන දිනයේ තොග වෙළෙඳාම් කටයුතු වෙනුවෙනි.
ඒ අනුව දඹුල්ල, තඹුත්තතේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, නාරාහේන්පිට, මීගොඩ, පිළියන්දල, රත්මලාන, වේයන්ගොඩ, වැලිසර සහ නාවලපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන සෞඛ්‍ය මාර්ගොපදේශ යටතේ විවෘතව තැබේ.
මේ අතර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, තොග වෙළෙඳම් සඳහා පමණක් විවෘතව තැබුණ ද අත්‍යවශ්‍ය සේවා රාජකාරිවල යෙදි සිටින නිලධාරීන්ට සහ ජංගම අලෙවි රථ සඳහා ද සිය අවසර පත්‍රය ඉදිරිපත් කර ආර්ථික මධ්‍යස්ථානවලින් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතින බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

