ආරවුල දුරදිග යාමෙන් බිරිය මරුට, සැමියා අත්අඩංගුවට
- 25 11 2026
- 07:07
- {{hitsCtrl.values.hits}} views
- ..
වාකරේ පොලිස් වසමේ කදිරවේලි ප්රදේශයේ 2026.11.24 වන දින උදෑසන කාලයේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කර ඇති බවට වාකරේ පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකාරිය වයස අවුරුදු 23 ක් වූ කදිරවේලි ප්රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය හා සැමියා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. වයස අවුරුදු 26 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
