අරුවක්කාලූ සනීපාරක්ෂක කසළ රඳවනයේ අපජලය එකතු කරන නියාමන ටැංකියේ ඊයේ (7) සිදු වූ පිපිරීම කඩාකප්පල්කාරී කි්රයාවක් දැයි සැකයක් පවතින බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් පරිපාලිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කි‍්‍රයාත්මක කරන අරුවක්කාලූ සනීපාරක්ෂක කසළ රඳවනයේ අපජලය එකතු කරනු ලබන නියාමන ටැංකියේ ඊයේ රාත්‍රියේ සිදුවූ පුපුරා යාමකින් එහි මතුපිට ස්ථරය විනාශ වී ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියත්, තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ විශේෂඥ පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් ඊට පාදක වූ හේතු සෙවීම සඳහා පරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙය කඩාකප්පල්කාරී කි්රයාවක් දැයි මේ වන විට සැක මතු වී ඇත. දැනට සනීපාරක්ෂක කසළ රඳවනයේ කොටස් දෙකක් දිනකට මෙට්‍රික් ටොන් 600 ක කසළ තැන්පත් කිරීම සඳහා වැඩ අවසන් කර ඇති අතර එම කොටස් දෙකෙහි දැනටමත් කොළඹ මහනගර සභාවේ කසළ තැන්පත් කිරීම සිදු කරනු ලබයි. එම කොටස් දෙකේ ජනනය වන අපජලය පොම්ප මගින් නියාමන ටැංකිය වෙත ලබාගන්නා අතර එම නියාමන ටැංකිය ඝනමීටර් 8,000 ක ධාරිතාවයක් ගබඩා කිරීමට හැකිවන පරිදි සකසා ඇත.
එම ටැංකිය තුළ අපජලය ලීටර් 1,000 ක් 1,200 ක් අතර ප්‍රමාණයක් ගබඩා වී තිබූ අතර එහි ජලය ගබඩා කිරිමේදී ජලයේ සිදුවන නිර්වායු ප්රතිකි්රයාවල ප්‍රතිඵලයක් ලෙස මීතේන් වායුව ඇතුළු වායූන් ජනනය වීම ස්වභාවිකවම සිදුවන කි‍්‍රයාවලියකි. ඒ අනුව ඊයේ ටැංකියේ ජනනය වූ මීතේන් වායුව පුළුස්සා පරිසර හිතකාමී ලෙස වායු ගෝලයට මුදා හැරීම පිණිස වායුව පිළිස්සීමේ උපකරණ 12 ක් යොදා ගනිමින් ජනනය වූ මීතෙන් වායුව පුළුස්සා වායුගෝලයට මුදා හැරීම ද සිදු කරන ලදි.
ඒ අනුව මෙම ටැංකිය පුපුරා යාමට ජනනය වූ මීතෙන් වායුව හේතු වූවා යැයි පතුරවන ලබන කටකතා අසත්‍ය බව දන්වන අතර කිසිසේත්ම මෙවැනි මිලිමීටර් 700 ක ඝනකම සහ මතුපිට ආවරණය මිලිමීටර් 400 ක ඝනකමකින් යුත් දැඩි කොන්ක්‍රීට් ආවරණයකින් සමන්විත මෙහි කිසිසේත්ම මීතේන් මගින් පුපුරා යාමක් සිදුවිය නොහැකි බව ව්‍යාපෘති නිලධාරීන් සඳහන් කරයි.
මෙම පිපිරී යාමෙන් කිසිඳු ජීවිත හානියක් සිදු වී නොමැති අතර අපජලය බාහිරට ගලා යාමක් හෝ සිදුව නොමැත. වහාම කි‍්‍රයාත්මක වූ ඉදිකිරීම් සමාගම අපජලය අනෙක් නියාමන ටැංකිය වෙත මාරු කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය තවමත් ඉදිකිරීම් සමාගම විසින් කි‍්‍රයාත්මක කරනු ලබන වැඩ අවසන් නොවූ ව්‍යාපෘතියක් හෙයින් අදාළ සමාගම ඔවුනගේ වියදමින් කඩිනමින් මෙම ටැංකිය නැවත ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරනු ලබයි.
එසේ හෙයින් අරුවක්කාලූ සනීපාරක්ෂක කසළ අංගනයේ අපජලය එකතු කිරීමේ නියාමන ටැංකියේ එම පිපිරීම කඩාකප්පල්කාරී කි්රයාවක් දැයි සැක මතුව ඇත. පරීක්ෂණ කටයුතු විධිමත්ව සිදුවන අතර කසළ අංගණයේ කටයුතු පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව කිසිඳු බාධාවකින් තොරව සිදු කරන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
