ආරක්ෂාව තහවුරු බව වන්නි ආඥාපති කියයි
ජාතික ආරක්ෂාවට තර්ජනය වන ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් පසුගිය කාලයේ වාර්තා වී නොමැති බවත් ‘ආවා’ කල්ලිය ගැන උතුරට එන සිංහල ජනතාවට බියවිය යුතු නොමැති බවත් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා මහතා පැවසීය.
වන්නි ආඥාපති වරයා මේ බව අනාවරණය කළේ, ඊයේ (31දා) රාත්‍රියේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආඥාපතිවරයා,
“පසුගිය කාලෙ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා වුණෙ නැහැ කියන එකයි මගේ තක්සේරුව. ‘ආවා’ කල්ලිය මංකොල්ල කණ්ඩායමක් කියල අපිට තොරතුරු ලැබිල තියනවා. මීට ප්‍රථමත් ආවා කල්ලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන් පසුව එම කණ්ඩායමේ ආපු දෙවැනි නායකයා විසින් මංකොල්ල කෑමේ කටයුතු සිදුකරගෙන යන ආකාරයක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ වගේම දකුණේ සිට උතුරට එන ජනතාවටත් ආවා කල්ලිය ගැන බිය විය යුතු නැහැ.” යැයි සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
