ආරක්ෂක අංශ - වනජීවී වැටුප සමාන කිරීමට යයි
ක්‍රියාන්විත රාජකාරියේ යෙදෙන ආරක්ෂක අංශ නිලධාරීන්ට ගෙවන වැටුපට සමාන වැටුපක් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් සංචාරක වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විධිවිධාන යොදා ඇති බව සංචාරක වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය ඇමති රංජිත් අළුවිහාරේ මහතා පැවසීය.
අළුවිහාරේ මහතා මේ බව පැවසුවේ, වැලිකන්ද සෙවණපිටිය නෙලුම්වැව ප්‍රදේශයේ වනඅලි රංචුවක් පලවා හැරීමේ මෙහෙයුමක යෙදුනු පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ත්ව නියාමකවරයෙකු වන අනුර ශාන්ත මහතා වනඅලි පහරකින් මියයෑම පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමිනි.
අලි මිනිස් ගැටුම වර්තමානයේ උග්‍රවී තිබෙන බැවින් වනඅලි භූමිවලට පලවා හැරීම නොකඩවා කළයුතු බැවින් ඒ සඳහා රාජකාරියේ යෙදෙන වනඅඩවි නිලධාරීන්ගේ අවදානම් සහිත රාජකාරී පිළිබඳව අවධානය යොමුකල යුතු බවද රංජිත් අළුවිහාරේ මහතා වැඩිදුරටත් පැවසීය.
මාතලේ ඇම්.ඩී. සෝමරත්න

popular news
-
Champa Tuesday, 19 February 2019 01:41 PM
වන අඩවි නිලධාරීන්ට පඩි වැඩි කලහම අලි ගහන එක නවතිනවද? කරනවා නම් කරන්න ඕනේ performance-based incentive එකක් දෙන එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
