ආරක්ෂක ලේකම් ධුරයේ වෙනසක්?
ආරක්ෂක ලේකම්ධුරයේ වෙනසක් සිදුවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඟිපළකළ බවජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
යුදහමුදාව වැරදිකර ඇත්නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා දෙමළ ඩයස්පෝරාවට කළ ආරාධනය පිළිබඳ තමන් ජනාධිපතිවරයාට දුරකථනය මගින් දැනුම් දුන් බවත්,එම අවස්ථාවේදී ආරක්ෂක ලේකම්ධුරයේ වෙනසක් සිදුකිරීමේ සූදානමක් ඇතැයි පැහැදිලි වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආරක්ෂක ලේකම්වරයා සිදුකළ ප්‍රකාශය හෙළා දකින බවත්,එවැනි පුද්ගලයෙකු ආරක්ෂක ලේකම් තනතුරට සුදුසු නොමැති බවත් ඒමහතා ප්‍රකාශ කළේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මහතා මේ බව පවසා සිටියේය.
popular news
-
Champa Thursday, 24 January 2019 05:08 PM
අනිවාර්යයෙන්ම හමුදා විරෝධී සිංහල විරෝධී ශ්‍රී ලංකා විරෝධී මේ ආරක්ෂක ලේකම්ව එලවල දාන්න ඕනේ. මිනිහගේ කතාවේ ඉතුරු ටික දැක්කේ පස්සේ. තනිකරම හමුදාවට නිග්‍රහ කරලා කරපු කතාවක්. මෛත්‍රී පත් කරපු මිනිස්සුන්ගෙන් සියයට 99ක්ම වැරදි තීරණ. එක්කෝ ජාතිවාදියෝ, එක්කෝ යටිකූට්ටු කාරයෝ, නැත්නම් අල්ලස් ගන්නෝ, නැත්නම් ද්‍රෝහියෝ, නැත්නම් හමුදා විරෝධියෝ. රටේ ජනාධිපතිට මිනිහ නොමිනිහ අඳුන ගන්න බැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
