ආනයනික පලතුරුවල පළිබෝධනාශක සංඝටක ඇති බවට වාර්තා වී නෑ
ආනයනික පලතුරුවල පළිබෝධනාශක සංඝටක ඇති බවට ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් මෙතෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍යඅමාත්‍යාංශය නිවේදනය කළේය.
එමෙන්ම එළවළු, පලතුරු හා තෙල්වර්ගවල සිදු කළ පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
සෞඛ්‍ය,පෝෂණ හාදේශීය වෛද්‍ය අමාත්‍යරාජිත සේනාරත්නමහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ වෘත්තීය ආහාර සුරක්ෂිතතා ඒකකය විසින් එම පරීක්ෂණසිදු කරන ලදී.
ගුවන්තොටුපොළේ දී සහ වරායේ දී ලබාගත් ආනයනය කරන පලතුරු වර්ගවල සාම්පල පරීක්ෂාවටලක් කළබව එම ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල මහතා සඳහන් කළේය.
එසේම ආනයනික ඇපල්, මිදි හා දොඩම්වල පරීක්ෂා කළ සම්පලවල ශ්‍රී ලංකාවේ තහනම් පළිබෝධ සංඝටක අඩංගු බවට රජයේ රසපරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ගිණුම් කාරක සභාව පසුගියදා ප්‍රකාශ කරන ලදී.
2018 වර්ෂයේ සිදු කළ පරීක්ෂණවලදී එවැනි පළිබෝධනාශක සංඝටක ආනයනික පලතුරුවල අඩංගු වී නොතිබුණු බව අධ්යක්ෂවරයා සඳහන් කළ බවද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
රවි Friday, 19 April 2019 10:17 AM
නැති බව හොදටම දන්න දෙයක් ගැන පරීක්ෂා කර වස විස නැති බව ප්‍රකාශ කලත් ශරීරයට අහිතකර කල්තබා ගැනීමේ රසායනික ගැන වචනයක් වත් නොකියයි. ලංකාවේ අඹ කෙසෙල් වැනි පලතුරු ඕනෑ තරම් තිබුනත් මිනිසුන්ට පරිභෝජනය කල නොහැකි රසායනික මගින් ඒවා ඉදවා ඇත. වගකිව යුත්තෙකු නැත. තක්කාලි මාළු මිරිස් ඇතුලු එලවලු (පුඩ් සිටි වල ඇති එලවලු ඇතුලුව) පරීක්ෂා කලහොත් ඇස් දෙකට ද පෙනෙන කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යොදා ඇත.මේ වා විස සහිත වේ. මෙුවා පරීක්ෂා කර බලන අයෙකු ද නැත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

