ආනයනික කිරිපිටි සෞඛ්‍ය සම්පන්න නෑ - ජනපති
කවුරුන් කෙසේකීවද පිටරටින් ආනයනය කරන කිරිපිටි සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
දෙහිඅත්තකණ්ඩියේදී 15 දා පැවැති උත්සවයක් අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
“රටක් දියුණු වෙන්න දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය වෙන්න ඕන.රටේ කිරි නිෂ්පාදනයදියුණු වුණොත් තමයි දේශීය කෘෂිකර්මාන්තය, පශු සම්පත් සංවර්ධනය වෙන්නේ. මහ බහුජාතික සමාගම්වලින්, දැන් මේවා කිව්වාම ඒ අයත් මාත් එකක් තරහා වෙනවා.
මත්ද්‍රව්‍ය කාරයෝ, අරක්කුකාරයෝ, සිගරට්කාරයෝ බෙහෙත් ජාවාරම්කාරයේමේ කවුරු තරහා වුණත් කරිපිටි ගැනත් මට නොකියාම බෑ.
සෞඛ්‍ය සම්පන්න ජතාවකට අවශ්‍යවන්නේ තමන්ගේ ගමේ කිරි. අපි කිරිපිට කම්පැණිකාරයන්ට යට වෙලා, කිරිපිටි කම්පැනිකාරයන්ට ඕන විදිහට මේ රට හසුරවන්න. මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය හසුරවන්න දෙනවනම් ඒක ඉතාමත්ම වැරදියි.
ලෝකයේ අද රටවල් 10ක් 15ක් විතරයි තිබෙන්නේ පිටරටින් ගෙන්නා පිටි කිරි බොන. අපිත් ඒ රටවල් 10-15 අතරේ රටක්.
මේක ඉතාමත්ම අවාසනාවන්තයි. මම දැක්කා පසුගිය දවස්වල කිරි පිළිබඳව සංවාදයක් යනවා දේශපාලන ක්ෂේත්රයේ. කතානායකතුමත් පාර්ලිමේන්තුවේ කියලා තිබුණා කලබල වෙන්න එපා පාර්ලිමේන්තුවේ දෙන්නේ දියර කිරි කියලා.
ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමත් කියලා තිබුණා පිටිවල නිවැරදිභාවය පිළිබඳව. මම නම් සෞඛ්‍ය ඇමතිලෙස අවුරුදු පහක් හිටියා. කිරිපිටි සමාගම්කාරයින්ට මගේ ගෙදර ගේට්ටුවෙන් එළියට එන්න දුන්නේ නෑ.
අමාත්‍යාංශයට ඇතුළුවෙන්න දුන්නේ නෑ. ඒක තමයි එදා මගේ ප්‍රතිපත්තිය. මම අදත් ඉන්නේ ඒ ප්‍රතිපත්තියේ.
මේ පිටරටින් ගේන කිරි කවුරු කිව්වත් ඒවා සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නෑ.”

popular news
-
rocky Monday, 18 February 2019 02:47 PM
ඔබතුමාට ඒවා අගුණ වෙලා හින්ද වෙන්නැති ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරුවේ!
Reply : 38 0
Kumar Wednesday, 20 February 2019 08:05 AM
රට ඉන්න අපිත් බොන්නේ ලංකාවට එවන කිරිම තමා. සමහර අයට කිරි බීමෙන් බඩේ අමාරුවක් හැදෙනවා. එයට කියන්නේ "ලැක්ටෝස් ඉන්ටෝලේරන්ස්" කියල. ලංකාවේ බොහෝදෙනෙක් ළමා කලේ කිරිබීම ඇත හැරියොත් මෙය සිදුවෙනවාමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

