ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් කළුතර ප්රාදේශීය සභාවට අයත් ආදාහනාගාරවල ආදාහන සේවා ගාස්තු ඉහළ නැංවීම සඳහා සභාපති සංජීව ආරියරත්න මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවත් සමගින් අද (15දා) කළුතර ප්රාදේශීය සභාව තරමක් උණුසුම් විය.
මෘත දේහයන් ආදාහනය කිරීම සඳහා කළුතර ප්රාදේශිය සභා බල ප්රදේශය තුළ පදිංචි කරුවන් හට මෙතෙක් අය කළ ගාස්තුව රුපියල් අට දහසකි. එය රුපියල් දොළොස් දහස දක්වා වැඩිකිරීමටත්, බල ප්රදේශයෙන් පිටත අයවලුන්ට අයකරනු ලබන රුපියල් දහදාහක ගාස්තුව රුපියල් දහ අට දහසක් දක්වා වැඩි කිරීමටත් සභාපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.
මේ සමගම ස්වාධීන සහ විපක්ෂ මෙන්ම පාලක පක්ෂයේ මන්ත්රීවරුන් ද විවිධ අදහස් ප්රකාශ කළ අතර , අවසානයේදී එම ගාස්තුව බල ප්රදේශ ප්රදේශයේ අයවලුන් වෙනුවෙන් රුපියල් දස දහසක් ද,බල ප්රදේශයෙන් පිටත අයවලුන් වෙනුවන් රුපියල් විසි දහසක් ද වශයෙන් සංශෝධනය විය.
පානදුර සුමිත් පොතුපිටිය / වාද්දුව දයා හේමන්ත සිල්වා