ආණ්ඩුව හා පාර්ලිමේන්තුව රකින්නේ කිරිඇල්ල ඇමතිතුමා - මහින්දානන්ද
ආණ්ඩුව හා පාර්ලිමේන්තුව රකින්නේ කිරිඇල්ල අමාත්‍යවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය ව්‍යවසාය ,කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය,ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය, විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ සාකච්ඡාව අතරතුර පැවති විවාදයේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ජ්‍යෙෂ්ඨ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා අපේ මහනුවර නායකයා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය රකින නායකයා. පාර්ලිමේන්තුවේ මොනවා කීවත් කොල්ලා වගේ තමයි ඔබතුමා සිටින්නේ. එතුමා තමයි පාර්ලිමේන්තුව රකින්නේ. ඔබතුමාට මොකද වුණේ. ඔබතුමන්ටත් කැපිල්ලක් ගියා නේද. අගමැතිතුමා ළගම ඉදලා ඔබතුමාව කපලා.
ඔබතුමා මහා මාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා. ඔබතුමා ප්‍රබල කැබිනට් ඇමතිධූරයක් දැරුවේ. ඔබතුමාගේ අමාත්‍යාංශයේ අද ආයතන කීයද තිබෙන්නේ. කබීර් හෂීම් මහතා රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලයේ එතුමාට ආයතන 38 ක් තිබුණා. ඔබතුමා දිවුරුම්දෙන අවස්ථාවේ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශ්‍ය යටතේ ආයතන 38 සඳහා සභාපතිවරුන්ද නම් කරලා තිබුනේ. නමුත් ඔබතුමාට ආයතන 04යි තිබෙන්නේ. ඔබතුමාගේ ආයතන සියල්ල කපාහැර දමලා. ඔබතුමාට සල්ලි කීයද දීලා තිබුනේ. බිලියන 47 ඔබතුමාට මුදල් වෙන් කරලා තිබෙන්නේ. සුජීව සේනසිංහ අමාත්‍යවරයාට මිලියන 500ක් දීලා තිබෙනවා “ යැයි පැවසිය.

popular news
-
chathuri Wednesday, 20 March 2019 08:13 AM
අගමැතිට ගැහු දෙනු. උගන්වන්න. පක්ෂ. කොටවන්න අවශ්‍ය නැහැ. දෙයක්. කරන කොට ඒවාට. වෙන්. කරන මුදල් ප්‍රමානයක්. තියෙනවා සීයෙන් කරන්න. පුළුවන්. දේට. දෙසීයක්. ගෙවන්න. අවශ්‍ය නැහැ මේ. සේරම. රජයේ. මුදල් ඒවා. තමන්ට. ඕන විදියට වියදම්. කරන්න බැහැ ඔය. කට්ටිය. පරදින්න. හේතුව. ඒකයි වදුරට. දැලි පිහිය ලැබුන වගේ පොහොට්ටුවේ. කට්ටිය මහා. බැංකුවට වැඩේ දුන්නේ , දැන්. කියනවා ඔයාට. වැඩියෙන්. අරයට. දුන්න. කියල ,මේ මුදල් දුන්නේ පවුලට වියදම් කරන්න නොවේ නගර. සංවර්දනයට. , පුළුවන් තරම් හොරකලා , කතා නායක. තුමාට. මිරිස් කුඩුවාලින් ගහල බලය. ගන්න. ගියේ. , දැන් ආණ්ඩුව කරන කට්ටියගේ අතට දුන්න ගාන හොයනවා මේවා. දකින කොට හිතට දුක. ඇති , දෙවියනේ මුන්ට. නැවත. බලයට. එන්න. දෙන්න. එපා උගත්. තරුණ. පරපුරට. රට. බාරදීලා හොරුන්ව යාම ලෝකෙට. අරින්න
Reply : 0 0
Saththaya Wednesday, 20 March 2019 09:41 AM
ඔව් ඉතින් , පෙළක් අය පාර්ලිමේන්තුව රකින්නේ මිරිස්කුඩු ගහල . ඒක හොද ලක්ෂණයක් .
Reply : 0 111
Deepal Nirosh Wednesday, 20 March 2019 03:22 PM
අගමැති, සභානායක නැතුව වෙන කවුරු ද ආණ්ඩුව රකින්නෙ? ඊට කලියෙන් ආණ්ඩුව රකින කී දෙනෙක් කමුන්ගෙ පැත්තෙ ඉන්නව ද කියල හෙව්ව නම් හොඳා නේද? අගමැති, සභානායක කැතුවට ආණ්වුව රැක ගන්න ඕන තරම් පිරිස් ලංකාවෙ විතරක් නොවෙයි මහත්තයෝ ලෝකයේම ඉන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

