ආණ්ඩුව මුළු සාමාජයටම ක්‍රෝධය පතුරුවනවා - MR
“මේ රටේ පසුගිය අවුරුදු තුනක කාලය අපි දකින්නේ ආගම පිරිහීම පමණක් නෙවෙයි සංස්කෘතිය, සාරධර්ම අතින් පිරිහුණු සමාජයක්“ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
දෙහිඅත්තකණ්ඩිය නවමැදගම පහළගම පුෂ්පාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයෙන් අනතුරුව පැවති දහම් හමුවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
“අද වන විට සමාජය ඉතා ඉක්මනින් පිරිහීමට පටන්ගෙන තියෙනවා. නමුත් එදා එහෙම වුණේ නැහැ.රටතුළ පාලනයක්, විනයක් තිබුණා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වුණා. නමුත් අද එහි වෙනස්වීමක් තියෙනවා. අද වන විට අපි වැඩියෙන්ම දකින්නේ වෛරය හා ක්‍රෝධයයි.
පාසල් දරුවෙකුට එයාගේ පන්තියේ අනිත් ළමයි පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් පසුගිය දවස්වල අපට අහන්න ලැබුණා. පන්තියේ ළමයි අනිත් පන්තියේ පළමු වැනියා වෙච්ච ළමයට ගහනවා. ළමයි 40 දෙනෙක් එකතු වෙලා එක ළමයෙකුට ගහනවා.පාසල් යනකොට පුද්ගලයෙකු ඇවිත් ළමයෙකුට මහපාර මැද තළනවා.
මේ වගේ තාඩන පීඩනවලට ලක්වෙන්න දරුවන්ගේ හදවත දරුණු වෙන්න හේතුව උදේ ඉඳන් වෛරය, පළිගැනීම ක්‍රෝධය රට තුළ පතුරුවන එක කියලයි මම විශ්වාස කරන්නේ. ඒක මහා භයානකයි. මේ ආණ්ඩුව මුළු සමාජයම වැරදි අතකට ගෙනියනවා. අද මේ කාරණය පිළිබඳව වඩා වැඩියෙන් අවධානය යොමු කරන්න දෙමවුපියන්ට සිද්ධ වෙලා තියෙනවා. අපේ දරුවන් රැකගැනීම දෙමවුපියන්ගේ, වැඩිහිටියන්ගේ වගකීමක්. දහම් පාසල් අධ්‍යපනයේ වැදගත්කම තියෙන්නේ එතැන. දහම් පාසල තුළ තමයි අපි දරුවෝ හදන්න ඕනේ.
නමුත් අද පන්සලක්, දහම් පාසලක් හදන්න අවසර ගන්න ඕනේ. අද පන්සල් හදන්න කමිටුවක් තියෙනවා. ඒකේ ඉන්නවා හැම ආගමේම නායකයන්. ප්‍රාදේශීය සභාවට එක කමිටුවයි. පළාත් සභාවට එක කමිටුවයි. දිස්ත්‍රික්කයට එක කමිටුවයි. ඔය විදියට කමිටු දාල තියෙනවා. මේ කමිටුවෙන් අවසර ගන්න ඕනේ දහම් පාසලක් හදන්න ඕනෙද එපාද කියලා. දැන් මේක අවසර අරන් එනකොට අවුරුදු කීයක් යයිද? මෙහෙම යුගයක් කවදාවක් ඉතිහාසයේ බිහිවෙලා නැහැ.“යැයි පවසා සිටියේය.

අම්පාර - වසන්ත චන්ද්‍රපාල
popular news
-
raawana Monday, 09 July 2018 05:21 PM
මේ පින්තූරේ ඇඟිලි ටික සේරම තමන් දෙසටමයි තිබෙන්නේ.
Reply : 0 0
Champa Monday, 09 July 2018 06:19 PM
කතාව නම් සම්පූර්ණ ඇත්ත. තනිකරම අවිචාර සමයක් මේ ගත වෙන්නේ.
Reply : 0 0
chathuri Monday, 09 July 2018 08:40 PM
මේ කියන. දේවල්. කියවන කොට පුදුම කේන්තියක් එන්නේ. තජුදින් මැරුවේ. දක්ෂ කම නිසා. නේද. ,මාද්‍ය වේදීන් මැරුවේ ඇත්ත. කතා කරපු නිසා නේද. කෞද ජනපති. එහාකොට දැන්. මිනිස්සු නට නිදහසේ. කතාකරන්න. , පෙළපාලි. , උද්ගෝෂණ. පුළුවන් ඔයා ඉන්නකොට. මිනිස්සු බයයි. මල්ලිගේ. සුදු. වැන් සෙල්ලමට අසරණ මිනිසුන්. හිර කරගෙන. හිටියේ , ඇමරිකාව වගේ රටවල් වලට. බය නිසා වැඩිය. දැගලුවේ. නැහැ. නැතිනම් අපේ රටත් ඉඩි අමි න් ඉවර. කරනවා , පන්සල් වැඩිපුර යන්නේ. ක්රෝදය. වයිරය , මරණයට බය කට්ටිය. දැන්. ඇල්වතුරත් නිමලා බොන්නේ
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

