ආණ්ඩුව රුපියල් බිලියන දෙසීයක මුදල් අච්චු ගසා තිබෙන බවට විපක්ෂය විසින් සිදුකරන චෝදනා අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
කෝවිඩ් - 19 තත්ත්වය යටතේ ගෙවී ගිය මාස තුනක කාලය තුළදී ජනතාව බැංකුවල තැන්පත් කර තිබූ රුපියල් බිලියන එකසිය හතළිහක් ගිණුම්වලින් ලබාගෙන තිබෙන බවද එම පක්ෂයේ මහලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මේ නිසා දේශීය බැංකු පවත්වාගෙන යාම සඳහා මහ බැංකුව විසින් රුපියල් බිලියන දෙසීයක මුදලක් බැංකු වෙත මුදාහැර තිබෙන බවත්, මෙය වරදවා වටහාගෙන සල්ලි අච්චු ගසා තිබෙන බවට විපක්ෂයේ ඇතැම් පිරිස් ප්‍රකාශ සිදුකරන බවත් අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.