ආණ්ඩුව පෙරලන මැතිවරණයක් නෙමේ පිහිටපු ආණ්ඩුව ශක්තිමත් කරන මැතිවරණයක්
නිවැරදි නායකයින් නිවැරදි තැන සිටීම මත ලෝකයේ බලවත් රටවල නායකයින්ට වඩා නිවැරදිව සෘජු තීරණ ගැනීම හේතුවෙන් කොරෝනා රෝග තත්ත්වය මෙරට පාලනය කළ හැකි වූ බවත් එසේම නිවැරදි නායකත්වය මත වසර තිහක කාලයක් පැවති යුද්ධය නිමා කළ හැකි වූ බවත් පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂිකා වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.
කටාන , අක්කර පනහ ප්‍රදේශයේදී පැවති ජන හමුවකදී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය එසේ සදහන් කරනු ලැබුවාය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,
" මම ඇත්තටම සතුටට පත් වෙනව, පසුගිය වසරේ මෙම ස්ථානයට පැමිණ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔබ තමුන්නාන්සේලා දැනුවත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට කටයුතු කළ යුතු බව ප්‍රකාශ කර සිටියා. ඔබ තමුන්නාන්සේලාගේ අපි බොහොම බුද්ධිමත්ව ඒ වගකීම ඉෂ්ඨ කළා. අද රටට හොද නායකයෙක් අපි පත් කරගෙන ඉන්නව. මේ නායකයා රටේ ජනතාවගේ අපේක්ෂා ඉෂ්ඨ කරමින් කටයුතු කරගෙන යනව. හැබැයි මේ නායකයා පත්කිරීම තුල අපගේ කාර්ය භාරය අවසන් වෙන්නේ නැහැ.
මේ එතුමාට භාරදීපු රට අවුරුදු පහක කාලයක් සාර්ථකව කරගෙන යන්න නම් එතුමාට පාර්ලිමේන්තු බලයත් ලබාදිය යුතු වෙනව. පසුගිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කොට ගෝඨාභය මහත්තය දිවුරුම් දීල එක්සත් ජාතික පක්ෂයත් සමග සාකච්ඡා කළා . මොකද ජනමතය වෙනස් වෙච්ච නිසා පාර්ලිමේන්තුවටත් ජනමතයක් එක්කම පාර්ලිමේන්තු බලය ලබා ගැනීම සඳහා තුනෙන් දෙකේ බලය ගැනීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට. හැබැයි ඒ අය කැමති උනේ නැහැ. මොකද ඒ අය බැලුවේ අලුත් මන්ත්‍රීවරුන් ගණනාවක් සිටිනව, වැඩියෙන් ඉන්නේ යූ එන් පී එකේ අය. අවුරුදු පහ සම්පූර්ණ වුනේ නැත්නම් පෙන්ෂන් ලැබෙන්නේ නැහැ. එවැනි ප්‍රශ්න නිසා එකඟ උනේ නැහැ.
ඒත් ඊට පස්සෙ ජනාධිපතිතුමන්ට තිබුණ ලොකු වගකීමක්. ඒ පසුගිය රජය කිසිම පිළිවෙලක් නැතිව විවිධ සංවර්ධන වැඩ කරල විශාල බිල්පත් ප්‍රමාණයක් ගෙවීමට තිබීම. ඒ සදහා මුදල් අයවැයකින් වෙන් කරගෙන තිබුණෙත් නැහැ. මේ නිසා අතුරු සම්මත ගිණුමක් දාල ඉදිරි මාස තුනක කාලයට අනුමැතිය ලබාගැනීමට. ඒකට ඉඩ දුන්නෙත් නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා තමන්ට පැවරී ඇති බලතල අනුව මාර්තු 22 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත්ත. ජන්දය අප්‍රේල් 25 තියන්න නියම කළත් කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සිදු උනා.
දැන් අගෝස්තු 5 වෙනිදාට මහ මැතිවරණය නියම වෙලා තිබෙනව. දැන් කොරෝනා අවදානමකුත් නැහැ. ගෙවී ගිය සති හත තුල සමාජය තුලින් රෝගීන් වාර්තා වෙලත් නැහැ. වාර්තාවන සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වලින්. ඉතින් ඒ තත්ත්වයට මේ රට ගෙනිච්චෙ නිවැරදි නායකයින් නිවැරදි තැන සිටි නිසයි.
ඒ නිසා හැම වෙලාවෙම නිවැරදි නායකයෝ නිවැරදි තැන්වලට පත් කරගත්තාම අපේ ප්‍රශ්න ගොඩක් විසදිලා තිබෙනව.ඉතිහාසය ගත්තම 2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනපති උනාට පස්සෙ, ආරක්ෂක ලේකම් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළා. ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු මේ කණ්ඩායම එකතු වෙලා අවුරුදු තිහක් තිබුණු , කාටවත් ඉවර කරන්න බැරිව තිබුණු එල් ටී ටී ඊ යුද්ධය අවසන් කළා. ඒක අපිට ලැබුණු ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සෙ මේ කොරෝනා වසංගතය. ලෝකයේම බලවත් කියන රටවල්වලට පාලනය කරන්න බැරි වෙද්දී , ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපති හැටියට , අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, ඒ වගේම සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු අනෙකුත් කණ්ඩායම් එක්ව රටේ ජනතාව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කරනු ලැබුව.
පසුගිය රජය ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ කියන ඒවා ගණන් නොගන්නා තත්ත්වයට පත්ව සිටි නිසා පාස්කු ප්‍රහාරය පවා වලක්වා ගැනීමට නොහැකි උනා. අපි අවුරුද්දකට හමාරකට පෙර මේ ප්‍රදේශවල ජනතාව හිටියෙ බොහොම කම්පනයකට පත් වෙලයි. හැබැයි කොරෝනා වසංගතය පාලනය කරගන්න අපිට හැකි උනා. ඒ නිසා හිතන්න මේ ආණ්ඩුව පෙරලන මැතිවරණයක් නෙමෙයි. පිහිටපු ආණ්ඩුව ශක්තිමත් කරන මැතිවරණයක්. ඒක අපි ජනතාවට කියන්න ඕන.
මෙතැන සිටින ඔබ සැවොම පොහොට්ටුවට ඡන්දය දෙන උදවිය. හැබැයි අපේ වෙනත් පක්ෂවලට ගිය අයට ආරාධනා කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි අවුරුදු පහට හැකියාව ඇති දක්ෂ නායකයින් එක්ක යන ගමනේදී හොද දක්ෂ පිරිසක් යවා හොද පාර්ලිමේන්තුවක් සාදා දෙන්න. මේ සදහා අගෝස්තු 5 මැතිවරණයට හැමෝම දැනුවත් කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවශ්‍ය උපරිම ඡන්ද ටික අපි ලබා ගත්තොත් අපිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කර ගැනීමට පුළුවනි" යැයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
( ගම්පහ තිලකරත්න දිසානායක.)

popular news
-
Kumar Sunday, 21 June 2020 07:49 PM
Sorry lady, I wonder which planet you are referring to in your speech. I live California where your current president lived and worked. He worked at a university and earned a living by maintaining the computer network, until he went back to Sri Lanka for his brother's election campaign. When he came back he was rich. He was no special person over in California. I suppose he must be the only president of a country that gets a pension from the US social security administration and pay taxes to the US treasury. He is not the wiz kid you think.
Reply : 0 0
Don Sunday, 21 June 2020 08:44 PM
Your Deputy Leader Karuna, would definitely strengthen your future government.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
