ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය අතීසාරයට අමුඩේ ගැසීමක්
රුපියල අස්ථාවරවීම පාලනය කිරීමට ආනයනය සඳහා ආණ්ඩුව කොන්දේසි පනවා තිබීම අතීසාරයට අමුඩ ගැසීම වැනි ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (16දා) පැවසීය.
ශ්‍රී ලංකාවට විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීමට ලිඛිත ප්‍රතිපත්තියක් සකස් කර තිබියදී ආනයනය පාලනය කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් සිදු කර තිබීම ගැටලු සහගත බවත්, මේ සම්බන්ධව කරුණු සොයාබලා රටට පැහැදිලි කිරීමක් සිදුකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සිංගප්පූරු ගිවිසුම යටතේ භාණ්ඩ වර්ග 6000කට වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙනඒමට ඉඩදී රුපියල ශක්තිමත් කිරීමට ආනයනය සීමාකිරීම සිහිනයක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පුංචි බොරැල්ල වජිරාශ්රමයේ පැවති මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයා කැමති වුවත් අකමැති වුවත් ආනයන සිදුකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක සිටින බවත්, තවදුරටත් ජනතාව රැවටීමෙන් වළකින්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්ය.

popular news
-
an Wednesday, 17 October 2018 12:12 AM
2500
Reply : 0 0
dayan Wednesday, 17 October 2018 07:57 AM
තවත් මෝඩයෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

