ආණ්ඩුව නියේජනය කරන ශ්‍රීලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට තවදුරටත් සාමූහික වගකීම ආරක්ෂාකිරීමට නොහැකිනම් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගන්නා ලෙස ඉල්ලීමක් කිරීමට එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් තීරණය කර ඇතැයි 'අද'ට වාර්තාවේ.
මණ්ඩලය තුළ ගන්නා තීරණවලට එකඟ වී පසුව විවිධ ස්ථානවලදී රජය විවේචනය කරමින් හැසිරීම දිගින් දිගටම කළ නොහැකි බවත්, තවදුරටත් එසේ කිරීමට අවශ්‍යනම් ආණ්ඩුවෙන් ඉවත්ව විවේචනය කරන ලෙසත් මෙම අමාත්‍යවරුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමට සූදානමක් පවතී.
එමෙන්ම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට පමණක් නොව සමස්ත ආණ්ඩුවටම බැවින් විශ්වාසභංග යෝජනාව පරාජය වුවහොත් ආණ්ඩුව විසිරෙන බවත්, ආණ්ඩුව තුළ සිටිමින් විශ්වාසභංග යෝජනාවට පක්ෂ වීමට කිසිදු සදාචාරාත්මත අයිතියක් නැති බවටත් කරුණු දැක්වීමට එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සාකච්ඡාකර ඇත.
එමෙන්ම විශ්වාසභංග යෝජනාවට පක්ෂවීමට අවශ්‍යනම් වහාම ආණ්ඩුවෙන් ඉවත්වන ලෙසද ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් තීරණය කර ඇති බවද වාර්තාවේ.
යහපාලන ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණ පාර්ශ්වයේ අමාත්‍යවරුන්ගේ සංශෝධනය සිදුකර සති දෙකක් යෑමට මත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ සංශෝධනය සිදුකරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද මෙතෙක් එවැන්නක් සිදුනොකිරීම පිළිබඳවද එක්සත් ජාතික පක්ෂයේ කනගාටුව මෙහිදී ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.
ආණ්ඩුව තුළ අඩුපාඩු ඇත්නම් ඒවා සකස්කරගනිමින් ඉදිරියට යාම වෙනුවටආණ්ඩුව වෙනස් කිරීමට මැතිවරණයෙන් ආණ්ඩුට එක් වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත්, අවශ්‍යනම් ආණ්ඩුවෙන් ඉවත්ව යනලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමටත් මොවුන්සාකච්ඡාකර ඇත.
එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ගේ තීරණය කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙන හෙට (03දා) දිනයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමටද සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ.