ආගමික දේශන ඇතුළත් සංයුක්ත තැටි 797 සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
පොලීසිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව ගාල්ල දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ කල වැටලීමකදී මුස්ලිම් දේවස්ථානයක තිබී ආගමික දේශන ඇතුළත් සංයුක්ත තැටි (සී.ඩී) 797ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල නගරයේ එක් එක් ස්ථාන විටින් විට සොදිසිවලට ලක් කරන අතර එම සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දේවස්ථානයේ සභාපතිවරයා සහ භාණ්ඩාගාරිකවරයාය.
මෙම දේවස්ථානය තව්හිත් ජමාත් සංවිධානයට අයත් ප්‍රධාන දේවස්ථානයක් වන අතර මෙම තැටිවල අන්තවාදී ආගමික දේශන ඇතුළත්ව තිබේදැයි දැනගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යයි.
සැකකරුවන් අද (28) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

popular news
-
මුණසිංහ Monday, 29 April 2019 06:58 AM
අත් අඩංගුවට මීට පෙර ගත් අය මුදල් ගනුදෙනු මත නිදහස් කලේ ද?ඊට මුදල් වියදම් කළ ව්‍යාපාරිකයන් කවුද? ඒ පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

