අළුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය අසල පිහිටි පොලිස් මාර්ග බාධකය අසල සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අනුව රාජකාරි පැහැර හැරිමක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට කළුතර පොලිස් අධිකාරිවරයා විසින් නියෝග කර ඇත.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකු බව වාර්තා වෙයි.
මෙලෙස වැඩතහනමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා කළුතර පොලිස් විද්‍යාලයට අනියුක්තව රාජකාරි කරනු ලබන අතර විශේෂ රාජකාරි පදනම්ව මෙම සිදුවීම වූ මාර්ග බාධකයේ රාජකාරී කොට ඇත.
