බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දුන්නේය.
තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප්‍රකාශ කළ ලෙස ඉල්ලා එය ගොනුකර තිබුණි.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මඟින් එම නියෝගය කරනු ලැබීය.
ඒ අනුව එම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා නොවැම්බර් මස 19 දා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අධිකරණය නොතිසි ද නිකුත් කළේය.
නඩුවට අදාළ ප්රතිවිරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 19 වන දාට පෙර ගොනුකරන ලෙස පාර්ශවකරුවන්ට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය දෙසැම්බර් මස 15 වනදා සිදුකරන බවත් නියෝග කළේය.