අසාද් සාලිට එරෙහි විශ්වාසභංගය අද පළාත් සභාවාරයට
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කර විශ්වාසභංග යෝජනාවක් අද (22දා) පැවැත්වෙන සභාවාරයට ඉදිරිපත් කරන බව එම පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා පැවසීය.
මූල්‍ය චෝදනා ඇතුළු චෝදනා හතක් අසාද් සාලි මහතාට විරුද්ධව එල්ලවී තිබෙන බවත්,එවැනි චෝදනා ලැබූවෙකු ආණ්ඩුකාරධුරයට පත්කිරීමෙන් බස්නාහිර පළාතට අගෞරවයක් සිදුවී තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් විශ්වාසභංග යෝජනාව පිළිබඳ අදහස ඉදිරිපත්වූ බවත්,අද පෙරවරුවේ පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී පළාත් සභා රැස්වීමේ න්යායපත්රයට එම යෝජනාව ඇතුළත් කරගන්නා ආකාරය සම්බන්ධව සාකච්ඡා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

popular news
- 
                            
Nihal Gunatilake Tuesday, 22 January 2019 07:40 AM
අසාර්ථක සාලි= පව් අනේ?
Reply : 0 3
Champa Tuesday, 22 January 2019 12:45 PM
එල එල. එලවල දාන්න ඕනේ. ආපු ගමන් බලය ඉහට ගහල කාන්තා විදුහල්පතිනියකට මරණ තර්ජන එල්ල කරලා බලහත්කාරෙන් දහම් පාසලක් ඇරිය. පාසලට දහම් කියන වචනේ තිබ්බ කියල දේශපාලන බල පුළුවන්කාරකම් පෙන්නන්න අයිතියක් නැහැ. රටේ නීතියට ගරු කරන්න ඉගෙන ගන්න ආණ්ඩුකාරය ඉස්සෙල්ල. 2015 රට පුරා සිංහලයන්ට විරුද්ධව ජාතිවාදය වපුරපු අසාද් සාලි බස්නාහිර ආණ්ඩුකාරය කරපු එක නීති ගරුක මිනිස්සුන්ට කරපු ලොකුම අපහාසයක්.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                