අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලයෙන් ලිංගික කටයුතු වලට අලෙවි කරලා
වසය අවුරුදු15 මාස 9ක දැරිවියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක වෙත ලැබුණ තොරතුරක් අනුව කළ විමර්ශනයකින් අනතුරුව සැකකරු ඊයේ (08දා) අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්සෙ පදිංචි අවුරුදු 35ක පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහල් නිවසක් කුලියට ගෙන මෙම දැරිවිය විවිධ පුද්ගලයන්ට ලිංගික කටයුතු සඳහා අලෙවි කර ඇති බවට වාර්තා වී තිබේ.
දෙල්ගෙඩ පදිංචි මෙම දැරිය මවගෙන් ලබාගෙන මෙම ක්රියාවේ යොදවා ඇති අතර සද්ධිය සම්බන්ධයෙන් මවගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
සැකකරු පසුගිය මාස තුනක කාලයේදි මෙම දැරිවිය විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති අතර එසේ එම දැරිවියව ලිංගික කටයුතු වෙනුවෙන් මිලදී ගත් පුද්ගලයන් සොයා මේ වන විට පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.
සැකකරු මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන ජුලි 08 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
popular news
-
no Wednesday, 09 June 2021 03:00 PM
no aahas
Reply : 15 113
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

