අවුරුදු නෑ ගමන් යෑම තුන් මාසයකින් කල්දමන ලෙස බොදු ජනතාවගෙන් ඉල්ලා සිටින බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ පැවසූහ .
නව කොරෝනා වසංගතය හෙවත් කෝවිඩි -19 රෝගය පැතිර යමින් තිබෙන මෙම කාල පරිච්ඡේදය තුළ අවුරුදු නෑගමන් ගියහොත් කෑම පිගාන් සමග කොරෝනා රෝගය ද ගෙන් ගෙට යන බව උන්වහන්සේ පැහැදිලි කළහ.
නෑදෑයන්ට ලබාදීය හැකි ලොකුම ත්‍යාගය නිරෝගීකම බැවින් ,නිරෝගීකම රැකගැනීමට නිවසේම රැඳි සිටින ලෙස බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව භද්දිය හිමියෝ සඳහන් කළහ.
එබැවින් අවුරුදු නෑගමන් ජූනි මාසය දක්වා කල්දමන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ.
