අවුරුද්දේ වැඩ අල්ලන නැකතට මංගලට එරෙහි විශ්වාසභංග යෝජනාව ලියනවා - බන්ධුල
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහා තමන් පක්ෂ නායකවරුන්ට නිර්දේශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා,
ව්‍යාජ තොරතුරු ඇතුළත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම යන චෝදනාව යටතේ මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනවා
පසුගියදා අයවැය ලේඛනය ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විවාද කොට සම්මත කරගෙන ඇත්තේ බොරුවක් බව කී මන්ත්‍රීවරයා අලුත් අවුරුද්දේ වැඩ අල්ලන නැකතට තමන් මෙම විශ්වාසභංග යෝජනාව ලිවීම ආරම්භ කරන බව ප්‍රකාශ කළේය.

popular news
-
රවි Friday, 12 April 2019 02:12 PM
අලුත් අවුරුද්ද යනු කුමක්දැයි නොදන්නා සිංහලකම නොදන්නා අයෙකු කියන දෙයක් නිසා සාමාන්‍ය ජනතාව මොවුන් කියන දේ සිතට නොගත යුතුය.
Reply : 0 3
chathuri Friday, 12 April 2019 06:05 PM
සුමනදසට කියන්න හොඳ. නැකතක්. හදල. දෙයි මෙහෙමත් මෝඩ. මිනිස්සු ,අලුත් අවුරුද්දට. තමයි ,තියෙන තරහ මරා අයින් කරගෙන අලුත් වැඩ කටයුතු. ආරම්බ කරන්නේ. මේ. යකා. එකේ. අනිත්. පැත්ත. අවුරුද්ද පටන් ගන්නේ තවත් කෙනෙක්ට වල. කපමින්. ,මේ වගේ. එකෙක්ට අවුරුද්දට සුබ පතුවොත් මුළු අවුරුද්දම වගතුවක් නැතිවෙයි. , අනුන්ට වල කපන එකා. කිය කිය කරන්නේ නැහැ. , විශ්වාස බංග. කියක් ගේනවද. එකක් හරි. ගියද. .
Reply : 0 8
Deepal Nirosh Saturday, 13 April 2019 03:13 PM
එහෙනම් අපිට 2020ටත් ඉදිරිපත් වෙන්නෙ මංගල අයවැයක්, ඒක කරගන්නයි මේ හදන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

