අවස්ථා කිහිපයකදී පොලිස් දැලෙන් පැන යන්න මධුෂ්ට හැකි වුණා - සාගල
ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සහචරයන් අත්අඩංගුවට ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය බව අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.
කොළඹ වරායේ අද ( 07) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් රත්නායක මහතා මෙසේ ප්‍රකාශ කළේය.ෙ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා යටතේ මෙම සාර්ථක මෙහෙයුම සිදු කළ දිසාව ස්ථාපිත කළේ රත්නායක මහතා නීතිය සහ සාමය අමාත්‍යධූරය දැරූ කාලය තුළ වීම විශේෂත්වයකි.
"මෙම දිසාව ස්ථාපිත කරන අවස්ථාවේම අපි දැනගෙන හිටියා මෙයට නායකත්වය ලබා දීමට සුදුසුම නිලධාරියා ලතීෆ් මහතා බව. ඒ නිසා ඔහුට එම තනතුර ලබා දුන්නා. ඒ වගේම මේ වගේ දරුණු අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීම මහත් ඉවසීමකින් වගේම අධිෂ්ඨානයකින් සිදු කළ යුතු දෙයක් බවත් අපි දැනගෙන හිටියා," යැයි ද ඔහු සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම දිසාවේ නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ මධුෂ් සහ ඔහුගේ සහචරයන් හඹා ගිය බවයි. එමෙන්ම අවස්ථා කිහිපයකදී අවසන් මොහොතේ පොලිස් දැලෙන් පැනයාමට ඔහුට හැකිවූ බව ද රත්නායක මහතා අනාවරණය කළේය.

popular news
-
Lal Thursday, 07 February 2019 03:38 PM
මාකඳුරේමධුෂ්වැනි කාලකන්නින්ට පොලිස් දැලෙන් පැනයන්න උදව්කරන දේසපාලුවන්,පොලීසීයේමසමහර උසස් නිලධාරීන්,බන්ධනාගරයේ සමහර උසස් නිලධාරීන් සිටින බව ඔබ අවංකම නොදන්නවද?
Reply : 0 0
Champa Thursday, 07 February 2019 06:17 PM
දැලේ හිල් තියල දැල එලපුවහම පැනල යනවා. ඩුබායි පොලීසිය නොවෙන්න, ලකාවේ පොලිස්සිය කවදාවත් ලොකුම ලොකු පාතාල කාරයෝ අල්ලන්නේ නැහැ. ඇල්ලුවත් එක්කෝ වෙලේ සුදා වගේ කුඩු නඩුවෙන් නිදහස්, නැත්නම් සිද්දික් වගේ ඇප ලැබෙනවා, නැත්නම් තව ලෝක කුඩුජාවරම්කාරයෙක් චිකාගෝ style එකට හිරෙන් පැනල ගියේ ගිය අවුරුද්ද අන්තිම හරියේ. අන්න එහෙම කරනවා. අනිත් තව මහා ජාවාරම්කාරයෝ සල්ලි වීසි කරලා ලොකු ලොකු නීතිඥයෝ අල්ලාගෙන appeal කරනවා. මරණ දඬුවම ලැබිලත් කරන්න පුළුවන්. පව් අර පොඩි පොඩි වැරදි වටලා හිරේ හිගින් ඉන්නේ දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් සල්ලි තිබ්බ නම් appeal කරනවා. එල්ලන්න ඉස්සෙල්ල කරන්න ඕනේ නීතියේ අඬු ලුහුඬුකම් වහන එක. මත්ද්‍රවය ජාවරම්ක්රයන්ට ඇපත් නැති කරලා appeal ලුත් නැති කරන්න ඕනේ.
Reply : 0 0
සඳුන් Thursday, 07 February 2019 06:55 PM
ඔන්න ඔන්න මේ කේස් එකට පියවරු ගාන වැඩිවේගෙන එන්නේ .......
Reply : 0 0
rocky Thursday, 07 February 2019 08:01 PM
එහෙදීම පුළුවන් දඬුවමක් ඔහුට ලබා දෙන්න. මෙහෙ ගෙනාවොත් වැඩේ රීගල්.. මිනිහා අයෙමත් පැනල යනවා, ෂුවර්!
Reply : 0 0
Champa Friday, 08 February 2019 12:43 AM
හැබැයි අර කතාව ඇත්ත. ලතීෆ්ගේ ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය මර්දනය කණ්ඩායමක් ගිය අවුරුදුද්දේ පිහිටුවැයි කියන එක. මට ඒක මතක ඒ ගැන news item එකක් තිබ්බ CT එකේ. මමත් ඒකට comment එකක් දැම්ම. කොහොම හරි මේ මහා පාතාල කෙරුමව ලංකාවට නම් ගේනන එපා. එහෙ දඬුවම් විඳින්න දෙන්න ඕනේ. මෙහෙ ගෙනාවොත් තව කී දෙනක් මරයිද දන්නේ නෑ. ලොකු නම් තියෙන අයත් එක්ක. අනික මිනිහ ලංකාවට ගේන එක රටේ අනිත් පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක්. මිනිහගේ පාතාල සහ මත්ද්‍රව්‍ය ජාලේ තව නොහිතන මිනිස්සු ඕනේ තරම් ඇති. ඒ ගැන කල්පනාවෙන් ඉන්න වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

