අවිධිමත් සංවර්ධනය හා මිනිස් ක්‍රියාකාරකම් නිසා අලි ජීවිත අනාරක්ෂිතයි
අවිධිමත් සංවර්ධන කටයුතු සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා රටේ සමස්ත අලි ඇතුන් ගහනයෙන් හරි අඩකගේම ජීවිත අනාරක්ෂිතව ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
රට තුළ අලි ඇතුන් 5800කට ආසන්න ප්‍රමාණයක් ජීවත්වන බව සොයාගෙන තිබෙන බවත්, මෙම පිරිසෙන් හරි අඩකට වැඩි ප්රමාණයකගේ ජීවිත අනතුරට ලක්වෙමින් තිබෙන අතර, එය අපරාධයක් බවත් එම සංවිධානයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.
වනාන්තරයේ සිටින අලි ඇතුන්ට අමතරව ආගමික ස්ථාන, සත්ත්වෝද්‍යාන තුළ සහ සංචාරක කර්මාන්තය වෙනුවෙන් යොදාගෙන සිටින අලි ඇතුන්ගෙන්ද සැලකිය යුතු පිරිසකට වදහිංසා සිදුවෙමින් පවතින බවද ඔහු කීය.
ඊයේ (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී විධායක අධ්යක්ෂවරයා කියා සිටියේ, අලි ඇතුන් ආරක්ෂා කිරීමට බව පවසමින් සිදු කළ බොහෝ කටයුතුවලින් එම අරමුණ ඉටු වී නොමැති බවයි.
කොළඹ නගරය තුළ සිටියද, යාල වැනි වනෝද්‍යාන හෝ වනාන්තර තුළ සිටියද අලි ඇතුන් ආරක්ෂා කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙන රාජකාරියක් බවත්, එහෙත් අලි ඇතුන් පිළිබඳ සොයා බැලිය යුතු කිසිදු ආයතනයක් ඔවුන්ව සුරක්ෂිත කරගැනීමට කටයුතු නොකරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
අලියා යනු සුවිශේෂී වන සතෙකු බවත්, එහෙත් එම සත්ත්වයා ආරක්ෂා කරගැනීමට රට තුළ වැඩපිළිවෙළක් නොමැතිවීම නිසා ගෙවීගිය කාලය තුළදී වසරකට අලි ඇතුන් 200කට අධික ප්‍රමාණයක් මියගොස් තිබෙන බවද කී හේමන්ත විතානගේ මහතා, අලි මිනිස් ගැටුම නිසා ජනතාවටද මියයන්නට සිදුව ඇතැයිද කියා සිටියේය.
popular news
-
Champa Wednesday, 19 September 2018 12:30 PM
අනේ ඒක් නම් ඇත්ත. ලෝකේ පුරා අලි වඳවීගෙන යනවා. අලින්ට මෙච්චර ආදරේ අපේ රටෙත් සිය ගණන් අලි මැරෙනවා. වෙඩි වැදිලා මැරෙනවා. අපරික්ෂාකාරීකම නිසා මැරෙනවා. ස්වභාවික උවදුරු නිසා මැරෙනවා. අලි මංකඩවල් වහගෙන මිනිස්සු පදිංචි වෙලා වැටවල් ගහල අලි මිනිස් ගැටුමුත් වැඩි වෙලා. මේ ඊයේ පෙරේද කොයි තරම් එක දිගට අලි මැරුණද? හරිම කණගාටුදායකයි. තව එකක් කියන්න ඕනේ. සමහර පුවත්පත් සහ රූපවාහිනී නාලිකා මේ මැරිච්ච අලින්ගේ සමහර පින්තූර දානව කිසි චාරයක් නැතුව. මේවා බලන්නේ වැඩිහිටියෝ විතරක් නෙමේ. දරුවන්, පාසල් සිසුන් වයසක මිනිසුන් සහ සංවේදී මිනිසුන් බලනව. ඒ හින්ද මේවා දාන කොට බලන්න බැරි ඒවා වහලා දාන්න පෙන්වන්න ඕනේ. මාද්‍ය සදාචාරයක් සහ සාරධර්ම කියලා ජාතියක් තියෙනවනේ. අවුරුදු 10 20 30 ට ඉස්සෙල්ල මිනිස්සු බෝම්බ නිසා මැරිච්ච මිනිස්සු දැක්ක. හුඟක් අය තමන්ගේ හිතවතුන් අසල්වැසියන් එකට වැඩ කරපු මිනිස්සුන් බෝම්බ වලින් මැරෙනවා දැක්ක. ඒවා දැකල මතක් වෙනකොටත් කෑම කන්න බැරි කාලයක් පහු කරලා 2009න් පස්සේ මිනිස්සු මනස සන්සුන් වෙන ගානට ඇවිල්ල තිබුන. ඒ හින්ද මෙහෙම මැරුණු සත්තුන්ගේ පින්තූර වහන්නේ නැතුව දාන එක ගැන කල්පනා කරනවා නම් හොඳ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

