අලුත් අවුරුද්දට විකුණන්න ගෙනාපු හොර අරක්කු තොගයක් මාට්ටු
බලපත්රයක් නොමැතිව එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වැඩි මිලට අලෙවි කිරිම සඳහා සුදානම් කර තිබු මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙක් හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් (12)වෙනිදා අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
නොර්වුඩ් පොලිස් වසමට අයත් සෙන්ජොන් ටිලරි වතුයායේ වතු නිවාසයක කාමරයක් තුළ රජයේ අනුමත මත්පැන් බෝතල් 50ක් සැකකරු සගවා සිටි බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.
උත්සව සමයේ සැකකරු වැඩි මිලට වතුකරයේ මත්පැන් අලෙවි කිරිමට සුදානම්ව මත්පැන් බෝතල් 50ක් මිලදිගෙන නිවසේ සගවා තිබෙන බවට ලද තොරතුරක් මත හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලිම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගය සහ සැකකරු හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

popular news
-
nadeer Friday, 12 April 2019 10:55 PM
විකුනන්නේt රජය අල්ලන්නෙට් රජය මාරු සිදේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

