අලියට දාන හැම ඡන්දයක්ම වතුරට දාන ඡන්දයක් බවත් තමන්ගේ ඡන්දයට වටිනාකමක් දෙන්නනම් ටෙලිෆෝනයට ඡන්දය දියයුතු බව හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අද (18 ) රත්ගම ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය .
එහිදී තවදුරටත් වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු අමාත්‍යවරයා,
ගමේ ඉන්න හොද එක්සත් ජාතික පාක්ෂිකයෝ දහදෙනෙක් ගෙන් ගිහිල්ලා ඇහුවොත් කාටද මේ පාර ඡන්දේ දෙන්නේ කියලා හත්දෙනෙක් අටදෙනෙක් නෙමෙයි ඒ දහදෙනාම කියන්නේ සමගි ජන බලවේගයටයි කියලයි . ඒ තරමටම ගමේ එක්සත් ජාතික පාක්ෂිකයින් සමගි ජන බලවේගය වටා එක්වෙලා. ඒ අය දන්නවා මේ පාර අලියට දාන හැම ඡන්දයක්ම ගඟට දාන ඡන්දයක් කියලා.
අපිත් හොද එක්සත් ජාතික පාක්ෂිකයින්. සමගියෙන් සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් දෙකට කැඩිමේ වගකීම භාර ගන්න ඕනා. දැන් සිරිකොත වටේ ඉන්න ටිකදෙනායි. ඒ ටිකදෙනා රාජපක්ෂ රජයත් සමග ඩීල් දාලා මේ පක්ෂය දෙකඩ කලා.
එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් මේ පාර ඡන්දය ඉල්ලන කිසිම අපේක්ෂකයකුට ගාල්ලේ මන්ත්‍රීධුරයක් නම් ගන්න බැහැ. ගාල්ලේ විතරක් නෙමෙයි ලංකාවේම එහෙමයි. එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් එන අයෙක් ඡන්ද පනස්දහකට වැඩියෙන් ගන්න ඕන. එච්චර ඡන්දගාණක් කවුද ඒ අයට දෙන්නේ . අලියට දාන ඡන්දය වතුරට දාන ඡන්දයක්. අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන් සමගි ජන බලවේගයට පමණයි.
කරන්දෙණිය - සුසිල් ප්‍රියන්ත
