අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අවසන් කිරීමට ස්ථිරවම පියවර ගන්නා බව ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
පෞද්ගලික බස් රථ අයිතිකරුවන්ගේ සංගම් කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම තීරණය කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත්තේ.
අර්ධ සුඛෝපභෝගී බස් රථවල ගාස්තුව මෙන් සාමන්‍ය බස් රථවල ගාස්තුව එක හමාරකින් වැඩි කිරීමට කටයුතු කරන ලෙසත්, එසේ නොමැති නම් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කරන ලෙසත් බස් රථ අයිතිකරුවන්ගේ සංගම් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
