අයෝරා සමුළුවට ඇමති විජිත ඉන්දියාවට
- 26 11 2026
- 16:31
- {{hitsCtrl.values.hits}} views
- ..
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, 2026 නොවැම්බර් 27 වැනි දින පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගරය ආශ්රිත රටවල සංගමයේ (අයෝරා) 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා අද, 2026 නොවැම්බර් 26 වැනි දින ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යයි.
2023–2025 කාලසීමාව තුළ සංගමයේ සභාපතිත්වය දැරූ ශ්‍රී ලංකාව, වර්තමානයේ අයෝරා ත්‍රිපුද්ගල නායකත්ව මණ්ඩලයේ (Troika) සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරමින්, ඉන්දියානු සාගර කලාපය තුළ කලාපීය ආර්ථික සහයෝගීතාව, සමුද්‍රීය ආරක්ෂාව සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සිය කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යයි.
අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර, අයෝරා හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීම 2026 නොවැම්බර් 25 සහ 26 යන දිනවල පැවැත්වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
