අභාවප්රාප්ත ප්රවීණ ගායන ශිල්පී, සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතාගේ දේහයට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වා තිබේ.
ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති සීදුව පිහිටි නිවසට අද (20දා) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතත්, ඒ මහතාගේ රසික රසිකාවියන් වෙතත් සිය සාතිශය සංවේගය එහිදී පළ කර තිබේ.

