අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එම්.තිසල් මංජිත් පියුමන්ත සහ එම්.සයුමි විමංසා පියුමන්ති මෙවර කිරුකිස්ථානයේ පැවැත්වෙන බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම සදහා ශ්රී ලංකා චෙස් සම්මේලනය විසින් තෝරා ගෙන තිබේ.
ඔවුන් සහෝදර සහෝදරියන් වීම විශේෂත්වයකි. චෙස් සම්මේලනය සංවිධානය කොට පැවති ශ්රී ලංකා යොවුන් චෙස් තරහාවලියේදී ඔවුන් දැක්වූ ස්කම් නිසාම ඔවුන් තරගාවලිය සඳහා තේරීපත්ව තිබේ.
එම තරගාවලියේදී එම්.තිසල් මංජිත් පියුමන්ත ශ්රී ලංකා යොවුන් වයස 18න් පහළ විවෘත චෙස් ශූරයාවූ අතර ඔහුගේ සොහොයුරිය වන එම්.සයුමි විමංසා පියුමන්ති එහිදී වයස 16න් බාලිකා පහළ සම අනු ශූරිය වූවාය.
