2022 වසර සඳහා වන අයවැය යෝජනාවලට අදාළ, දින 07 ක අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වනවා.
අද සිට ලබන 22 වනදා දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.
දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 22 වනදා පස්වරු 05 ට සිදු කිරීමට නියමිතයි.
අයවැය විවාදයේ කාරක සභා විවාදය ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙනවා.
ඒ සඳහා වෙන් කර ඇති දින ගණන 16 ක්. අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස 10 වනදා පස්වරු 05 ට පැවැත්වෙනවා.
අයවැය විවාදය සමයේ පාර්ලිමේන්තු රැස්වීම් පෙරවරු 09 යි 30 ට ආරම්භ වන අතර පෙරවරු 10 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්රශ්ණ සඳහා වෙන් කර තිබෙනවා.
විවාදය සඳහා වෙන් කර ඇත්තේ පෙරවරු 10 යේ සිට පස්වරු 05 දක්වා කාලයයි.
පස්වරු 05 හේ සිට පස්වරු 05 යි 30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.