සැකසහිත කොරෝනා රෝගී කාන්තාවක් ප්‍රතිකාර ගත්තේ යයි කියමින් තාවකාලිකව ඊයේ (15 ) වසා දැමූ අම්බලන්ගොඩ පෞද්ගලික රෝහල අද (16 ) උදේ සිට යළි විවෘත කිරීමට උපදෙස් දුන් බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි සැකසහිත මේ කාන්තාවගේ පී.සී.ආර්.පරීක්ෂණ සෘණාත්මක නිසා මේ පියවර ගත් බව එම කාර්යාලය කියයි.
මේ රෝහලට ඊයේ (15 ) අලුයම් කාලයේදි ප්‍රතිකාර ගැනීමට හික්කඩුවේ සිට සැක සහිත කොරෝනා රෝග ලක්ෂණ පෙන්වූ කාන්තාවක් පැමිණ ඇති බවත් ඒ සමගම වහාම ක්‍රියාත්මක වූ එම රෝහල් කාර්ය මණ්ඩලය සැක සහිත එම කාන්තාව කොරෝනා මර්දන නීතිරීතිවලට අනුව වෙන්කොට පී.සී.ආර්. පරීක්ෂණ සදහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට යොමු කොට ඇත.
ආරච්චිකන්ද රෝහලේදි ඊයේ (15 ) උදේ පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කල මේ කාන්තාවගේ එම පරීක්ෂණය සෘණාත්මක ලෙස වාර්තාව ඊයේ (15 ) රාත්‍රියේම ලැබුණු බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මේ නිසා කොරෝනා භීතිකාවක් තබා නොගන්නා ලෙසත් තවදුරටත් සෞඛ්‍යාරක්ෂිතව එදිනෙදා ජීවිතය ගෙනයන ලෙස අම්බලන්ගොඩ ජනතාවගෙන් එම කාර්යාලය ඉල්ලා සිටි.
