අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පාලමුණේ ග්රාමනිලධාරි වසමේ මොල්ලිකුලම් නම් පුරාවිද්‍යා රක්ෂිතය තුළ වෙල් යායක් මධ්‍යයේ හුදෙකලා ගල් පර්වතයක කොටා ඇති සුවිශේෂී ශිලාලිපියක් හමුව තිබේ.
'මකිලිය නම් අමාත්‍යයාගේ පුත් කුඩමති නැමැත්තකු විසින් මුදගිරික නම් විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙන් ම චෛත්‍යයෙහි පැවැත්ම හා නඩත්තුවට කහවනු සතලිසක් පූජා කළ බව' මේ ලිපියෙන් කියවේ.