අම්බලන්තොට මලේකොලනිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාධිත රෝගීන් 34 ක් හදුනා ගැනීමත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිසිලෙස හදුනාගැනීමට නොහැකිවීමත් නිසා පවතින අවධානම් තත්වය යටතේ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට ඉකුත් 22 පෙරවරුවේ සෞඛ්‍ය අංශ බලධාරීහු කටයුතු කළහ.
එමෙන්ම සංචරණ සිමා කර ඇති අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයේ යාබද පිහිටි ගම්මාන ආශ්‍රිතවද 23 දින අහඹු පී.සී.ආර් පරීක්ෂන 75 ක් සිදුකර ඇති බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ නිලධාරීහු පැවසූහ.
අම්බලන්තොට නගරයෙන්ද සිදුකල අහඹු පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවලට අනුව තවත් ආසාදිත පුද්ගලයින් දෙදෙනෙක් දැනට වාර්තා වී ඇති අතර, ඒ දෙදෙනාද දැනට සංචරණ සීමා කර ඇති ප්‍රදේශයේ පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් බවට සෞඛ්‍ය අංශ සැක පල කරති .කෙසේ නමුත් මේ හේතුවෙන් අම්බලන්තොට නගරයේ වෙළඳ සැල් 35ක පමණ පුද්ගලයින් 35 දනෙකු පමණ 24 වනදා අහඹු PCR පරීක්ෂණ සදහා යොමුකර තිබේ
මැලේකොළනිය ප්‍රදේශයේ සිදු කරනු ලැබූ අහඹු පි.සි.ආර් පරීක්ෂන 175කින් පුද්ගලයින් 34 දෙනෙක් මෙලෙස කොවිඩ් ආසාදිත බවට හදුනාගෙන තිබු අතර එම ප්‍රදේශයේ ජනතාව අත්‍යවශ්‍ය කටයුතු සදහා නගරය වෙත පැමිණීමෙන් රෝගය පැතිරී යාමේ පවතින අවධානම් තත්වය යටතේ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ.