අම්පිටියේ ස්වාමීන්වහන්සේ අත්අඩංගුවට ගන්න - TNA මන්ත්‍රී
රජයේ සේවකයන් තිදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් මඩකලපුව විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට ගත යුතු බව ද්‍රවිඩ ජාතික සන්ධාන මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්‍ය මරික්කාරම් මන්ත්‍රීවරයා පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මඩකලපුව චෙන්කලඩි වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති බව කියන ඉඩමකට පූජ්‍ය අම්පිටියේ සුමනරතන ස්වාමීන් වහන්සේ වැඩම කර තිබෙනවා.
උන්වහන්සේ දිගින් දිගටම රාජ්‍ය නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට පහරදී තිබෙනවා. උන්වහන්සේට එරෙහිව කිසිම නීතිමය පියවරක් අරගෙන නෑ.
ස්වාමීන් වහන්සේම පවසනවා උන්වහන්සේට උසාවියේ නඩු 70ක් පවතිනවා කියලා. එහෙම තියෙද්දීත් උන්වහන්සේට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ කියන්නේ දුක් වෙන්න ඕන කාරණයක්.
ඊයේ රජයේ නිලධාරීන්ට පහරදී තිබෙනවා. මෙතන සිංහල නිලධාරියෙකුත් ඉදලා තිබෙනවා. මේක දෙමළ මිනිස්සුන්ට විතරක් තිබෙන ප්‍රශ්නයක් නෙමෙයි. දිගින් දිගටම රජයේ සේවකයන්ට පහරදුන්නොත් රජයේ සේවකයන්ට ගැටලුවක්.
මගේ පළමු පාර්ලිමේන්තු කථාවට සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම ප්‍රශංසා කරලා තිබුණා. නමුත් වැරැද්දක් කියන නිසා මට ගැටලුවක් වෙන්න පුළුවන්.
මේක ස්වාමීන්වහන්සේ ගැන ප්‍රශ්ණයක් නෙමයි රජයේ සේවකයන් ගැන ප්‍රශ්නයක්. රජයේ සේවකයන්ට පහර දුන්නාම ඔවුන් කොහොමද වැඩ කරන්නේ.
උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහත්තයටත්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයටත් එරෙහිව උද්ඝෝෂන කළා. මේක දිගින් දිගටම ගියොත් හිත් අමනාප වෙන කාරණයක්. මේකට කිසිම දේශපාලන සබඳතාවක් නෑ. අස්ගිරියේ හා මල්වත්තේ හාමුදුරුවරු මේ හාමුදුරුවන්න පුනරුත්තාපනය කරන්න වෙනවා.
දැනට රජයේ සේවකයෝ තිදෙනෙක් රෝහල් ගතව ඉන්නවා. වහාම උන්වහන්සේ අත්ඩංගුවට ගත යුතුයි. මේක ජනපතිතුමාට, අගමැතිතුමාට පොලිස්පතිට දන්වන්න ඕන. ස්වාමීන්වහන්සේලාට අපිත් ගරු කරනවා. දිගින් දිගටම මේ ගරුත්වය තබා ගන්න මේ ස්වාමීන් වහන්සේව අත්අඩංගුවට ගත යුතුයි.”

popular news
-
kanchana senavirathna Tuesday, 22 September 2020 03:01 PM
dan hata nama lakshaye singhala baudda deshapremi mahajanathwa ganna kriya margaya gana vimasillen bala sitimi.maha loku jathiya balamuko ganna kriyamargaya mangala saduta erehiwa.damilayakuge kiyana wade karanawada nadda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

