දුම්රිය එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය නොමැතිකමින් දුම්රිය ධාවනය පවත්වාගෙන යාමට නොහැකි තත්වයට පත්වෙමින් තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
දැනට ධාවනයට එක්කර ඇති එන්ජින් වල විවිධ අඩුපාඩුකම් තිබියදී, ධාවනය කරවීම නිසා එම එන්ජින් ඉතා කෙටි කාලයක් තුල ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවන බවත්, දෛනිකව සිදුකරන එන්ජින් අළුත්වැඩියාවන් වලදී භාවිතා කරන ලිහිසි තෙල් වර්ග නොමැතිවීමෙන් එන්ජින් 20 ක් පමණ මේ වන විටත් ධාවනයෙන් ඉවත්කර තැබීමටත් සිදුවී ඇති බවත් එම සන්ධානය පෙන්වා දෙයි.
එමෙන්ම එන්ජින් නඩත්තු කිරීමට අවශ්‍ය අමතර කොටස් නොමැතිවීම නිසා නියමිත කාලය තුල ඉටුකළ යුතු අළුත්වැඩියා කටයුතුෙඉටු කිරීමට නොහැකිවී ඇත. මේ තත්වය මත දැනටමත් එන්ජින් ඇනියෙන් 50% කට ආසන්න ප්‍රමානයක් ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවී ඇති බවද එම සන්ධානය පවසයි.
එමෙන්ම දුම්රිය මාර්ග නඩත්තු කිරීමට අවශ්‍ය රේල්පීලි, සිල්පර, පැන්ඩ්රෝල් ක්ලිප්, ඇණ මුරිච්චි හා සපත්තු සහ රේල් පාරට අවශ්‍ය ප්‍රමානයට ගල් නොමැතිවීමෙන් දුම්රිය මාර්ගය නඩත්තු කිරීමට නොහැකිවී ඇති. අනිකුත් දුම්රිය මාර්ග වලට සාපේක්ෂව ගතහොත්, මුහුදුබඩ දුම්රිය මාර්ගය නඩත්තු කිරීමට අපහසු දුම්රිය මාර්ගයක් වන අතර, ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙසද ඉල්ලා සිිටින බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
"යකඩ මළ බැඳීම වැලැක්වීමට ආලේපිත තීන්ත වර්ග දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන කර්මාන්තශාලාව තුල ඇති රසායනාගාරයේ නිෂ්පාදනය කළ හැකි වුවද, ඊට අවශ්‍ය කරන රසායනික වර්ග නොමැතිකමින් එම තීන්ත නිෂ්පාදනය කිරීමට නොහැකිවී ඇත. මේ නිසා විශේෂයෙන් දුම්රිය පාලම් නඩත්තු කිරීමට නොහැකිවී ඇත.
ගල් අඟුරු නොමැතිවීම නිසා අංක 43 කර්මාන්තශාලාව වසා ඇති අතර, අධීක්ෂණ කළමනාකරු වරුන්ගේ පුරප්පාඩු නිසා දෙමටගොඩ අතිරේක මාර්ග නඩත්තු අංශය වසා දමා ඇත.
මේ සියළු තත්වයන් හමුවේ දුම්රිය ධාවනය සිදුකරනු ලබන්නේ, කැපවීමෙන් කටයුතු කරන සේවක පිරිසක් සේවය කරන නිසා මිස, ප්‍රතිපත්තියක්, අරමුණක් හො ඉලක්කයක් වෙනුවෙන් කළමනාකරණ මෙහෙයුමක් විසින් නොවන බවද අවධාරණය කරමු. දුම්රිය සේවයට එල්ලවී ඇති පීඩාකාරී අනතුාරුදායක තත්වය මැද වුවද, සිදුකරන වංචා, දූෂණ, අක්‍රමිකතා එලෙසින්ම සිදුවන අතර, ඒවා නතර කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය පැත්තෙන් කිසිදු මැදිහත් වීමක් නොමැති බවද පෙන්වා දෙමු.
දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අමාත්‍ය වරුන් විවිධ ප්‍රකාශ නිකුත් කළද, ඒවා පුරසාරම් විතරක්ම බවද පෙන්වා දෙමු. ආදායම් උපදවීමට හැකි විවිධ මාර්ග තිබියදීත්, ඒවා පිළිබඳව කිසිදු අවධානයක් නොමැතිව පාඩුයි පාඩුයි කියමින් සේවකයින්ගේ පැත්තට අඟිල්ල දිගු කිරීමට බලධාරීන් කටයුතු කරමින් තිබීම නිශ්පලදෙයක් වනු ඇත.
සියළු ආකාරයේ විනාශයට ඉඩ හැර, දුම්රිය දෙපාර්තමේන්නතුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ආණ්ඩුවේ සූදානම තරයේ හෙලා දකින අතර, දුම්රිය පුද්ගලීකරණය ආණ්ඩුවේ ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාගැනීමක් මිස, මගී ජනතාවට යහපත් දුම්රිය සේවයක් ලබාදීම නොවන බව ඉතා පැහැදිලිය.
මේ සම්බන්ධයෙන් සහ තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඔබ තුමාගේ හා අමාත්‍ය වරයාගේ අවධානය යොමු කිරීමට අවශ්‍ය බැවින්, ඒ සඳහා ප්‍රමානවත් කාලයක් සමග දිනයක් සහ වේලාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.'" යැයිි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුුරටත් සඳහන් වෙයි.