අමුණුගොඩ සංජීව මාංචු සහිතව දඬුගම ඔයට පැන මියයයි
සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් බව කියන ඉලන්දාරි දේවගේ සංජීව සිසිර කුමාර නොහොත් අමුණුගොඩ සංජීව පොලිස් අත්අඩංගුවේ සිටියදී ජාඇළ දඬුගම ඔයට පැන දිවි නසාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය
පසුගිය සැප්තැම්බර් 31 දා කඳානේදී අහිංසක කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවිමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන්නේද අමුණුගොඩ සංජීවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අණින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නියෝග කරනු ලැබීය.
ඒ අනුව මුලින්ම අදාළ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සමග එක් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දැනට රිමාන්ඩ් බාරයේ සිටින ගනේමුල්ල සංජීව නැමැති සංවිධාන අපරාධකල්ලි නායකාගේ ප්‍රධාන ගෝලයා වන්නේද අමුණුගොඩ සංජීවයි.
ගනේමුල්ල සංජීව නැමැත්තා තවත් අපරාධකරුවෙක් බව පැවැසෙන ක්‍රිෂාන් සජිත් කුමාර නොහොත් කළු අජිත් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව අමුණුගොඩ සංජීවට ලබාදී ඇති අතර එම ඉලක්කය වැරදීමෙන් මෙසේ අහිංසක කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය.
අදාළ කාන්තාවගේ අවුරුදු 9ක දැරිවිය ඉදරියේදී මෙම වෙඩි තැබීම සිදුවිය.
අමුණුගොඩ සංජීව කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඊයේ රාත්‍රි යේ අනුරාධපුරදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පෑළියගොඩ පොලීසිය වෙත රැගෙන එමින් සිටියදී ජාඇළ දඬුගොඩ පාලම අසළදී වැසිකිළි යෑමට අවශ්‍ය බව පවසා ඇත.
පසුව පොලිස් නිලධාරීන් ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති අතර එහිදී අත්මාංචු සහිතව සිටි සැකකරු පොලිස් නිලධාරියෙකුට හිසින් පහරදී දඬුගම ඔයට පැන තිබේ. සැකකරු එයින් බේරාගෙන රාගම රෝහල ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
ඔහු විශේෂ බළකායේ හිටපු සෙබලෙක්ද වෙන අතර මිනීමැරම්, කොල්ලකෑම් නඩු ගණනාවකට සම්බන්ධ අවහ්‍ය සිටි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.
popular news
-
Niyas Saturday, 06 October 2018 07:14 PM
Harima honda wadak. Paathaale okkoma choo karanna gangawal langata geniyanna
Reply : 0 3
rocky Sunday, 07 October 2018 06:46 AM
ඔහු හිටපු සෙබලෙක් නම් රණවිරුවෙක්නේ? ඇයි ඔහුව අත් අඩංගුවට ගත්තේ? රණ විරුවන්ට රටේ නීතිය බලපාන්නේ නැහැ කියල සමහරු කියනවනේ!
Reply : 215 102
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

