අපි ශ්‍රිලනිපයේ කොටසක් - මහින්ද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ මුල් ගෙදර බවත් ශ්රීලනිපය හැදුවේ බණ්ඩාරනායක මහත්මයත් ඩී ඒ රාජපක්ෂ මහත්මයත් එකට එකතු වෙලා එජාපයෙන් ඉවත් වෙලා ඇවිත් යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ ( 20) පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ නිවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගුණුකොළපලැස්ස කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ,
'' ඒ වගේම අපි ශ්‍රීලනිපයේ කොටසක්. වෙනසකට තියෙන්නෙ අපි එජාපය සමග එක් නොවුණු එක. දැන් අපි ලංකාවේ බලගතුම දේශපාලන පක්ෂය බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රීලනිපයත් ශ්රීලපොදු ජන පක්ෂයත් යන දේශපාලන පක්ෂ දෙක එකතුවෙලා තියෙන වෙලාවක් මේක. ශ්‍රීලනිපයෙන් මුලින්ම කැඩිලා ගිහිල්ලා පක්ෂයක් හැදුවේ අපි නෙවෙයි. චන්ද්‍රිකා මැතිණියයි, විජේකුමාරතුංගයි. මහජන පක්ෂය හැදුණේ ශ්රීලනිපය කඩාගෙන ගිහිල්ලා. නමුත් අපි කඩාගෙන ගියේ නෑති බවද පැවසීය.
සහරාන්ලා ඇවිල්ලා බෝම්බේ අප්‍රේල් 21ක් වෙනිදා ගැහුවට පස්සෙ අපි අවුරුදු 30ක් තිස්සේ තිබුණු එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරලා අපි අවුරුදු 10ක් මේ රටේ ආරක්ෂාව රැක්කා. ඒ කාලය තුළ එක බෝම්බයක්වත් පත්තු වුණේ නෑ. මිනිස්සුන්ට බය නැතුව පාරෙ යන්න පුළුවන් තත්ත්වයක් අපි ගොඩනැගුවා. ඒ ගොඩනගපු පක්ෂයේ වගකීම භාරදුන්නේ ගෝඨාභය රාජපක්ෂට. ඒ යුද්ධය ජය ගැනීම එය මෙහෙයවිම කළේ ගෝඨාභය රාජපක්ෂ. ඊට පස්සෙ කොළඹ නගරය ලෝකයේ දියුණුවන නගරයක් බවට නම් කරන්න පුළුවන් තත්ත්වෙටම කොළඹ නගරය දියුණු කළා. පිරිසිදුම, පරිසරය සුන්දර කරන්න ගස් වවලා කොළඹ තිබුණු කොන්ක්‍රීට් පරිසරය වෙනස් කළා. කුණු කඳු ඉවත් කිරීමටද කටයුතු කළා.
එමෙන්ම මේ ආණ්ඩුව ආවට පස්සෙ කුණු කඳු හැම තැනම ගඳ ගහන්න පටන් ගත්තා. අප්‍රේල් බෝම්බයෙන් පස්සෙ බෞද්ධයන්ට පන්සලට යන්න කිතුණුවන්ට ඉස්ලාම් බැතිමතුන්ට පල්ලියට යන්න නොහැකි වුණා. සහරාන් මේ ආණ්ඩුවෙ උදවුවෙන් ඒ වැඩේ හරියටම කළා. අප්‍රේල 5 වෙනි දා මේ වැඩේ කරන විදිය ගැන නම් ගම් සහිතව ආණ්ඩුවට ලිපිය ලැබුණා. ආණ්ඩුව මොකද කළේ නිදාගෙන හිටියා. ඊට හේතුව බුද්ධි අංශයේ හැම කෙනෙක්ම හිර ගෙවල්වල දාලා හිටිය නිසාවෙන් බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
හම්බන්තොට - රාහුල් සමන්ත

popular news
-
Dayan Monday, 21 October 2019 11:45 AM
බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ රාජපක්ස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියල දෙකක් දැන් තියෙනවා. තාත්තල හදපු පක්ෂය පුතා සහ දුව ප්රවෙනියට බෙදාගෙන තියෙනවා වගෙඉ. අන්තිමේ රටවැසියාට හුලන්. අනුන්ගේ දේපල ගැන අපි කතා කරන එකත් හරිනැහනේ.
Reply : 0 1
Champa Monday, 21 October 2019 06:21 PM
මෛත්‍රී දැන් ගෙදර යන හින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආපහු මහින්දට බාර දෙන්න ඕනේ. තව සති කීපෙකින් මෛත්‍රී විශ්‍රාම ගිය මිනිහෙක්. දේශපාලනයේත් නැහැ. හැබැයි මහින්ද විපක්ෂ නායකවරයා. අනාගත අගමැතිවරයෙක්. ඒ හින්ද මෛත්‍රී මහින්දගෙන් ගත්ත සභාපතිකම ආපහු මහින්දටම බාර දෙන්න ඕනේ. දේශපාලනයේ නැති මිනිහෙක් පක්ෂ සභාපතිකම තියා ගන්න එක තනිකරම සදාචාර විරෝධියි. අනික එහෙම කෙනෙක්ට පක්ෂයක් පාලනය කරන්නත් බැහැ. මෛත්‍රී විශ්‍රාම ගියාට මහින්ද කවදාවත් විශ්‍රාම ගියේ නැහැ. අඩු ගානේ 2015 ජනවාරි චන්දෙ පැරදිලත් මහින්ද විශ්‍රාම ගියේ නැහැ. මෛත්‍රීට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට අයිතියක් තියෙන්නේ මහින්දට. ඇයි කවුරුවත් මේ ගැන කතා කරන්නේ නැත්තේ?
Reply : 2 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

