අපි වැඩ කළ නිසා බැනුම් අහනවා - අගමැති
වැඩ කරන විට බැනුම් ඇසීමට සිදුවන බවත් වත්මන් ආණ්ඩුව බැනුම් අසන්නේ වැඩ කළ නිසා බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒසේම තමන්ට රට බෙදීමට අවශ්‍ය නොමැති බවත් අනාගත පරපුර වෙනුවෙන් රට ගොඩනැගීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.
ඊයේ (22) දින දෙමටගොඩ නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු හේ බව ප්‍රකාශ කළේය.
“රටේ ජනතාව වින්ද දුක මම හොදින් අවබෝධ කර ගෙන සිටිනවා. භාණ්ඩ මිල වැඩිවුණා, ජීවන වියදම ඉහළ ගියා. නමුත් අපට හැකි පමණින් අපි වැටුප් වැඩිකළා. සහන ලබා දුන්නා. මේ යටතේ නිරතවන ගමන් රට ගොඩ ගැනීමට අපි ක්‍රියාකළා. කෙසේ හෝ මේ අභියෝග ජයගෙන ඉදිරියට යා යුතුයි.
අපේ විරුද්ධවාදීන්ට රටේ ප්‍රධාන ප්‍රශ්නවලට විසදුම් නොමැති නිසා රට බෙදෙනවා, රට බෙදනවා කියා ජනතාව මුලා කිරීමට උත්සාහ කරනවා. මට රට බෙදන්න අවශ්‍ය නැහැ. මට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් මේ රට ගොඩනගා දීමට.
ඉදිරි සති දෙක තුන ඇතුළත ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නමින් නව දේශපාලන බලවේගයක් ගොඩ නඟනවා. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා අනෙකුත් බලවේග ඊට එකතු කර ගැනීමට අප සැලසුම්කර තිබෙනවා. අපි රට ගොඩගත යුතුයි.
අපි හැම අභියෝගයකටම මුහුණ දුන්නා. බැනුම් ඇහුවා. බැනුම් අහන්නේ නැත්නම් රටක් හදන්න බැහැ. වැඩක් කළාම හොද කියනවා වගේම බැනුම් අහන්නත් සිදුවෙනවා. වැඩ නොකොළොත් ඒ මොකුත් නැහැ. ඒ අනුව අපි වැඩ කළා.”

popular news
-
Bandula. Wednesday, 23 January 2019 03:45 PM
අනේ ඒ ගැනනම් කියල වැඩක් නැහැ, ඒ කරපු වැඩටික නිසානේ අද මිනිසුන් බදු බරින් මිරිකිලා සතුටින් ඉන්නේ නේද?
Reply : 0 77
liyanage Wednesday, 23 January 2019 04:01 PM
ඔව් මහා බැංකුව සුද්ද කරපු එක කොචර ලොකු වැඩද?
Reply : 0 60
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

