අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සැහැල්ලු පොළවේ පය ගහලා ජීවත් වෙන නායකයෙක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අරාධනයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට ඊයේ (2) පස්වරුවේ එක්වෙමිනි .
එහිදි තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය ,
ජනාධිපති ඡන්දයට තියෙන්නේ තව දවස් 40 යි. අද සමහර අයට දේශපාලනය ජීවන වෘත්තියක් වෙලා. 2015 ජනවාරි 08 වැනිදා අපි මේ රටේ ජනතාවට නිදහස්වීමේ අයිතිය තමන් කැමති දේශපාලන පක්ෂයකට ඡන්දය දීමේ අයිතිය මාධ්‍ය නිදහස ලබා දෙනවා කියලා කිව්වා. ඉස්සර වගේ නඩුකාරතුමන්ලාට තීන්දු තීරණ දෙන විදිහ කියන යුගයක් නෙවෙයි මේ යුගය. අපි එදා කිව්වා ස්වාධින අධිකරණ පද්ධතියක් ඇති රටක් ප්රජාතන්ත්රවාදී රටක් ඇති කරනවා කියලා. ඒක කළා .
එදා වසර 20 ක කාලයක් සමෘද්ධි සහනාධාරය කොයිතරම් දුප්පත් වුණත් යූ.එන්.පී.අයට අහිමි වුණා. අපිට 2015 මේ ආණ්ඩුව රෝසමල් යහනාවක තියලා දුන්නේ නැහැ.මේ ආණ්ඩුව වගේම මේ රට හොඳ තැනක තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා පවුල විතරක් රජ කරවන්න 2005 ඉදලා 2015 වෙනකල් වැඩ කළා. ණය බර උපරිම වශයෙන් වැඩි කළා. මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු හැම වැඩක්ම වෙනස් කරන්න අපිට සිද්ධ වුණා. මේ රටේ ජනතාවගේ හිත සුව වෙනුවෙන් ඒවා වෙනස් කරන්න සිදු වුණා.
පාතාලය මල්ලිලා පාලනය කරපු යුගය අධිකරණයේ ස්වාධීනත්වය මේ ඔක්කොම හදන ගමන් රජයක් ලෙස අපි වැඩ ටික කර ගෙන ගියා. අපි තනි ආණ්ඩුවක් ලෙස වැඩ කරන්න පටන් ගත්තේ ඔක්තෝම්බර් මාසයේ වුණු කුමන්ත්රණයෙන් පස්සෙයි. ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය ඇති කළේ හැම පාසලකටම එක හා සමාන පහසුකම් ඇති කරන්න. සෞඛ්‍ය ඇමතිතුමා විශාල වෙනසක් ඇති කළා. ඖෂධවල මිල අඩු කළා.සෑම රෝහලක්ම දියුණු කලා වගේම අවශ්‍ය පහසුකම් ලබා දුන්නා.
එක්සත් ජාතික පක්ෂයේ අපි වැඩ කරන්නේ අපේ පක්ෂයේ අයට විතරක් නෙවෙයි. අපි ඔප්පු දෙන්නේ යූ.එන්.පී .කාරයාට විතරක් නෙවෙයි. හෙට අනිද්දා බලා ගන්න රාජපක්ෂ කෙනෙක් ආනයනය කරලා හරි නැත්නම් ඉන්න නෝනා කෙනෙක් හරි දා ගනියි රාජපක්ෂ කෙනෙක් ඕනම නම් ඒක අපිට අදාළ නැහැ. නොවැම්බර් 16 වැනිදා මේ රටේ මැතිවරණයක් පැවැත්වෙනවා. ඒ මැතිවරණය අපි ජයග්‍රහණය කරනවා ඒකේ කිසිම සැකයක් නැහැ . සැකයක් තියා ගන්න එපා.
මේ රටේ අනාගතය තියෙන්නේ කා අතේද කියලා ඔබම කල්පනා කරන්න. එදා ලොකු අය කොළඹ හොරකම් කරන කොට සභාපතිලා ගමේ හොරකම් කළා. මතක තියාගන්න ඊළග වසර පහෙත් ආණ්ඩු කරන්නේ අපියි.
එක්සත් ජාතික පක්ෂයේ අපිට බය නැතිව කොන්ද පණ ඇතිව කතා කරන්න පුළුවන් කොන්ද පණ ඇති නායකයෝ හිටපු පක්ෂයක්. අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සැහැල්ලු පොළවේ පය ගහලා ජීවත් වෙන නායකයෙක්. ලන්ඩන්වලින් ගෙවල් ගන්න අපේ අය යන්නේ නැහැ. අධිවේගී මාර්ග හදලා සල්ලි අපේ අය ගත්තේ නැහැ .මේ රටේ බිම් අගලක්වත් විකුණුවා නම් වික්කේ මහින්ද රාජපක්ෂයි. ඒවා අපි ආපහු ගත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමායි යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
කෂිනි හපුආරච්චි
