අපේ සංවර්ධන වැඩවලට කිසිම ප්‍රචාරයක් නැහැ
සංවර්ධනය හා සංහිඳියාව යන කුලුනු දෙක මත ඉදිකළ ගම්පෙරළිය වැඩසටහන තුළින් ගමේ ජනතාවට ආර්ථික යුද්ධය ජයගත හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගම්පෙරළිය වැඩසටහන තුළින් ගමේ ගොවි ජනයාගේ සාක්කුව පිරෙන බවත් ව්‍යාපාරික ප්‍රජාවට දෙපයින් නැගී සිටීමට ශක්තිය ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
ගම්පෙරලිය ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උළෙලට ඊයේ (15දා) රස්නායකපුර, මුඩත්ත වැව් තාවුල්ලේදීඑක්වෙමින් අගමැතිවරයා මේ බව පවසා සිටියේය.
"අදින් ඇරඹෙන මෙම වැඩසටහනේදී විශේෂයෙන් ගමේ ගොවියාගේ අතට මුදල් ලැබෙන, වැව සංවර්ධනයේදී වැවෙන් ඉවත් කරන රොන් මඩ, පස් ටික පවා ගොවියාට ලැබෙන විදියටයි වැඩ කටයුතු සිදු වන්නේ.
දූෂණය, භීෂණය පිරුණු විශාල ණය බරකට තමයි අපිට කරගහන්න සිද්ධ වුණේ. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ රට ජාත්‍යන්තර පරීක්ෂණවලට ලක්වෙන තැනට මග පාදා තිබුණා. කෙසේ හෝ මේ සියල්ල ජයගෙන ප්රජාතන්ත්රවාදය සහ සංහිඳියාව ඇති කරන්න අපට හැකි වුණා.
මාධ්‍යවලින් අපිට මොන චෝදනා කළත්, අපි සුදු වෑන් සංස්කෘතිය නිමා කළා. අපේ සංවර්ධන වැඩවලට කිසිම ප්‍රචාරයක් නැහැ. නමුත් අපි වැඩ කළා. මේ අවුරුදු තුනට රටේ විශාල සංවර්ධනයක් අපි කළා. සංහිඳියාව ඇති කරන්න, යළි ජාතිවාදී යුද්ධයක් ඇති නොවන්න අපි කටයුතු කළා.
සියලු ජාතීන්ට සුහදව, එකට ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කරන්න අපි කටයුතු කළා. අද දවසේ මේ වැඩ ඇරඹෙන මුඩත්ත වැව යටතේ ජීවත් වන්නේ සිංහල හා මුස්ලිම් ජනතාවයි. මේ පිරිස ඉතාම සහයෝගයෙන්, සුහදව ජීවත් වෙනවා. මේ දෙයයි අපි අපේක්ෂා කරන්නේ. ඒකයි මා කීවේ සංහිඳියාව හා සංවර්ධනය කියන කුලුනු දෙක මත මේ %ගම්පෙරළිය^ වැඩසටහන නිර්මාණය කළා කියලා.
මේ ප්‍ර‘දේශයේ ඉන්නේ වසර ගනණක දැඩි නියඟයකට මුහුණ දී දැඩි ලෙස අසරණ වූ පිරිසකුයි. ඊළඟට ආපු වැස්සෙන් මේ වැව කඩාගෙන ගිහින් ගංවතුරෙනුත් පීඩාවට පත් වුණා. ඊට හේතුව අක්කර සිය ගණනක වැව වසර ගණනකින් සංවර්ධනය නොවීමෙන් ගොඩවීමේ තර්ජනයට ලක්වීම නිසයි.
අපි මේ වැව ඉදිරි මාස 03 තුළ සංවර්ධනය කරනවා. එපමණක් නොවෙයි ඒ කාලය තුළ මෙවැනි වැව් රැසක් සංවර්ධනය කරනවා. මේ රටේ ගොවි ජනතාවටයි ඉන් සෙත සැලසෙන්නේ. මේ සඳහා නිලධාරීන්ට ලොකු කැපවීමක් කරන්න වෙනවා මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන්නට.
ඒ වගේම එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම උපාධිධාරීන්ට, කාන්තාවන්ට ආබාධිත පිරිස්වලට සහ සියලුම ජනයාට සහන පොලී සහ ණය ආධාර මත දෙපයින් නැගීසිටීමේ අවස්ථාව උදා වෙනවා" යැයිද පවසා සිටියේය.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා

popular news
-
Champa Monday, 16 July 2018 10:03 AM
වහල් ආණ්ඩුව 2015 බලයට එනකොට මහින්ද යුද්ධෙ නවත්තලා අවුරුදු 5කුත් ගිහිල්ල. මේගොල්ලෝ යුද්ධයක් ඇති නොවෙන්න වැඩ කලාලු. ඇයි කරපු සංවර්ධන වැඩ වලට ප්‍රචාර නැහැ කියන්නේ? මාගම්පුර වරාය චීනෙට කුණු කොල්ලෙට විකුණලා චීනය සංවර්ධනය කරන්න උදව් කරපු එක ගැන පත්තර ලොකු ප්‍රචාරයක් දුන්නනේ. දැන් මත්තල ඉන්දියාවට විකුණලා ඉන්දියාවේ සංවර්ධනයටත් ගොබ්බ ආණ්ඩුව අතහිත දෙන එක ගැනත් පත්තර ප්‍රචාරය දෙයි. ඔච්චරනේ කරපු සංවර්ධන වැඩ දෙක.
Reply : 0 25
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

